Black sunday කා වෙනුවෙන්ද ?

0
300

Black sunday කාවෙනුෙවන්ද යන්න ගැන පුලුල් සංවාදයක් සමාජ මාධ්‍ය වේදිකා තුල මෙන්ම ඉන් පිටතදිද මතු ඇති බැව් පෙනේ .

අප මෙහි පළකරනු ලබන පළමු සටහන ප්‍රකට මාධ්‍යවේදියෙකු වන උවිදු කුලකුලසුරියගේ ෆේස් බුක් පිටුවේ තිබු සටහනකි

සාමාන්‍ය දෙමළ ජනයා මරා දැමීම් වෙනුවෙන් යුක්තිය ඉල්ලන බිෂොප් රායප්පු ජෝසෆ් “කොටියෙක්” කියල සිංහල සමාජයේ ජාතිවාදී කොටස් හඳුන්වන්නත්, මරා දැමුනු කතෝලිකයින් වෙනුවෙන් යුක්තිය ඉල්ලන කාදිනල් මැල්කම් රංජිත්ට​ එවැනි කාඩ් එකක් ගහන්නෙ නැත්තෙත් ඇයි? රායප්පු දෙමළ වීමත් මැල්කම් සිංහල වීමත්ද​? දෙදෙනාම කරන්නෙ එකම වැඩේ. යුක්තිය​ සොයා යන සටනකට නායකත්වය දීම​. අද කාදිනල් ඒ වින්දිතයින් ගෙනත් හොඳටම ඇඬෙව්ව​. සමහර අය ඉතාම සැර සංයමයක් නැති කතාත් කිව්ව​, කාදිනල් ලඟ තියාගෙන​. එහෙම දේවල් වෙනව සටනක් යනකොට​. ඒ වේදනාව තේරුම් ගන්න පුලුවන්.

මේ අතර ජනප්‍රිය මාධ්‍යවේදියෙකු හා ප්‍රකට කිතුණු සමාජ ක්‍රියාකාරිකයෙකුද වන නුවන් ලියන්ගේ සිය ෆේස් බුක් පිටුවේ තබා තිබුනේ මෙවැනි සටහනකි

මම ඇයි කළු ඉරිදට සපෝට්,* මයිකල් රොඩ්ද්‍රිගෝ , ශ්‍රී ලාල් අමරතුංග, වැනි පියතුමන්ලාද ඇතුලුව හැටදාහක් මිනිසුන් මේ පොලවේ රාජ්‍ය අනුදැනුම මත ඝාතනය වෙද්දි , ඒයට එරෙහිව මෙලෝ මල දානයක් නොකල ලංකාවේ රදගුරු සම්මේලනය, මානව හිමිකම් වෙනුවෙන් කතාකල ඉතා සීමිත කතෝලික පියතුමන්ලාට ලෝගුවත් ඒපා වෙන මට්ටමට කටයුතු කල ආකාරය සිහිවෙන විට , සහා ඒ වෙනුවෙන් යම් පමනකට හඩ නැගු , ලියෝ , ෆෑන්ක් මාකස් වැනි රදගුරු වරුන්ව තනි කල අයුරු සිහිවෙන විට,* උතුරේ කොටි සංවිදානය හා රාජ්‍ය සන්න්ද අංශ මගින් බිලිදුන් සංඝයාවහන්සේලා, පියතුමන්ලා පැවිදි සෝහොයුරීයන් ඇතුලු අංහිසක සිවිල් ජනයා ඝාතනය වන විටද කිසිම සක්‍රීය දායකත්වයක් නොකර ඒ වෙනුවෙන් කතාකල උතුරු නැගෙනහිර රදගුරු තුමාන්ලාව තනි කල රදගුරු සම්මේලනයමිනිසුන් 300 ක් ඝාතනය වීම ගැන මෙතරම් සංක්‍රීය කටයුතු කරන අයුරු දැක ඇති වූ ජොලියට සහා මේ ගැන උන්නදුවෙන් කටයුතු කරන කාදිනල් තුමන්ව එතුමන්ද ඒදා කලාක් මෙන් තම සහෝදර රදගුරු මණ්ඩලය තනි කරාවීය යන සධාරණයි සැකය මත , පෙර ඝාතන යන් හමුවේ නිහඩව නොසිටි නිසා හා ක්‍රීස්තීයානිකාරයෙකු ලෙස එසේ සිටීමට නොහැකි නිසා මම මේ කලු ඉරීදාවට ස්ම්පූර්නයෙන් සහය වෙමි,
නුවන් ජූඩ් ලියනගේ

රිද්ම යනු තරුණ ක්‍රිස්තියානු සමාජ ක්‍රියාකාරිම තරුණ නායකයෙකි.ඔහුද සිය ෆේස් බුක් පිටුවට මෙවැනි අදහසක් එක් කර තිබේ

කළු ඉරිදා…මේ සඳහා මාගේ මුහුණු පොතේ මිතුරන් බොහෝ පිරිසක් සහභාගී වන හැඩක් පෙනේ. ඔවුන්ගෙන් කොටසක් හුදෙක් කාඩිලන් උන්නාන්සේගේ ඉල්ලීම මත සහභාගී වන අතර තවත් කොටසක් සහභාගීවන්නේ සඟවාගත් විචිකිංච්චාවකින් යුතුවයි. මේ විචිකිච්චාවට හේතුව නම්, තමන් පාස්කු දඩයම කරේ තියන් ගිය දේශපාලකයින් හට සහ පාස්කු දඩයම සිදුකිරීමට අනුබල දුන් දේශපාලකයින් හට කොන්දේසි විරහිතව සහය දුන් අය වීම නිසයි. සහරාන් මෙන්ම අදූරදර්ශී දේශපාලන තීන්දු මත පිහිට ඔවුනට සහය දුන් ජනතාවටද පාස්කු ප්‍රහාරයේ පාපයෙන් මිදීම අපහසුවනු ඇත. ඔවුන් කෙරෙහි මට පිළිකුලක් ඇති බැවින් මා කළු ඉරිදා සඳහා සහභාගී නොවෙමි. කළු ඉරිදා සඳහා සහභාගීවන මාගේ ප්‍රගතිශීලී මිතුරන් වෙත මෙලෙස ආමන්ත්‍රනය කරමි.පිලාත් තම අත සෝදාගත්තේ වගකීම ජනතාව මට පටවමිනි. කලු ඉරිදාවද නායකයින් තම අත සෝදාගෙන වකගීම ජනතාව මත පැටවීමී පළමු පියවර විය හැකි බවට මම සැක කරමි. ජනතාව අරගල කල යුතුය. පාරට බැසිය යුතුය. සටන් කල යුතුය. එය සිදු කිරීමට පෙර ජනතා නියෝජිතයින් සහ නායකයින් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල අරගල කල පෙන්විය යුතිය. ජනතාව පාරට බැස්සවීම අවසාන තුරුම්පුව විය යුතුය. මන්ද ජනතාව පාරට බැසීම ඉතා අවදානම් කාරණාවක් වනු ඇත. කළු ඉරිදාව මෙහෙය වන්නේ එලෙස සාදනීය අරගලයක් නොකෙරූ නායකයින් විසිනි. කළු ඉරිදාවට සහභාගී නොවීමට එම හේතුව මා හට බලකර සිටී.

සිවිල් සමාජ හා දේශපාලන ක්‍රියාධරයෙකු වන සුනිල් ශාන්තද සිය ෆේස් පිටුව තුල සිය අදහස පළකර තිබුනේ මෙසේය.