වර්ථමානයේ කාගේත් වැඩි කතාබහට ලක්වූ කාරණාවක් තමයි මාධ්‍යවේදීන්ගේ හා මානවහිමිකම් න්රියාකාරීන්ගේ ආරක්ෂාව. ශ්රීරීලංකාවේදී නම් පසුගිය කාලයේදී අපට අසන්නට, දකින්නට, හා විදින්නට සිදුවූයේම මේ මාතෘකාවට පටහැනි වන සිදුවීම්. නමුත් මේ වසරේ මුල සිදුවූ දේශපාලනික බල පෙරළිය නිසා මේ වන විටනම් ඒ තත්වය වෙනස් වෙලා. ඒ නිසා දැන් ඒ ගැන සතුටු වෙන්න පුළුවන් වුනත් රට තුල මාධ්‍යවේදීන්ට හා මානව හිමිකම් ක්රිාකාරීන්ට ඇති නිදහස හා ආරක්ෂාව තවදුරටත් තහවුරු විය යුතුයි.
අප රට තුල තත්වය එසේ තිබියදී මාධ්‍යවේදීන්ගේ හා මානව හිමිකම් ක්රියාකාරිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් ක්‍රියාත්මක වූ ප්රයත්නයක් පිළිබදව අපට මෙක්සිකෝවෙන් වාර්ථා වුනා. එරට ක්‍රියාත්මක නිදහසේ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් වූ සංවිධානයක් වන “ARTICLE 19″ නම් සංවිධානය තමයි මේ උත්සාහය දරල තිබුනේ. ඔවුන් මෙක්සිකොවේ ප්‍රධාන නගරය හා අනෙකුත් නගර කීපයක්ම ඉලක්ක කර ගනිමින් ” BreakThe Fear ” ලෙස ජනතාව දැනුවක් කිරීමේ හා ඒ හරහා එරට රජයට මේ පිළිබදව බලකිරීමේ උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරල තිබුණා. මෙහිදී ඔවුන් විශේෂයෙන්ම ඉලක්ක කරගෙන තිබුණේ ඒ කාලය තුලදී එරට ක්‍රියාත්මක වූ මැතිවරණයයි. එම ක්‍රියාවලියේදී මැතිවරණය පැවැත්වෙන කාලය හා එම ප්‍රදේශයන් වලදී මාධ්‍යවේදීන්ට සිදුවන හිරිහැර, බැණවදීම්, හා පහරදීම් ලෙස සිදුවන ප්රචණඩක්රියා පිළිබදව ඒ සිදුවීම වාර්ථා වන විගසම ඒ පිළිබදව පලකිරීමත් සිදුකිරීමට ඔවුන් කටයුතු කරල තිබුණා. එය මේ උත්සාහයේ තිබුණ තවත් එක් විශේෂත්වයක්.
මෙවැනි උත්සාහයක් ගැනීමට හේතු වූ කාරණ පැහැදිලි කරමින් ඔවුන් කියා සිටියේ පසුගිය කාලසීමාව තුල මාධ්‍යවේදීන්ට පහරදීම් 34ක් එරටින් වාර්ථා වුණු අතර ඉන් 8ක් මැතිවරණය හා සම්බන්ද දේශපාලන රැලි ආවරණය කිරීමේදී සිදුවූ ඒවා බවයි. එමනිසා නිදහසේ තමන්ගේ අදහස් දක්වන්න්ට එරට තුල පවතින ආරක්ෂාවේ මදිකම මේ හරහා සෑම දෙනාටම දැන්වීම තමන්ගේ අභිප්‍රාය වූ බවයි ඔවුන් පවසන්නේ.
මෙවැනි සම්ප්‍රදායට එරෙහි වූ නමුත් කාලීනව ඉතාමත් වැදගත් වන සිද්ධීන් අදාල කරගනිමින් ක්‍රියාත්මක වන උත්සාහයන් සෑම විටම අපට ලොවපුරා විවිධ රටවල් වලින් වාර්ථා වෙනවා. මෙවැනි ක්‍රිරියාවන් ගැන ශ්‍රීලංකාව තුල ඇති සංවිධානත් තමන්නේ මූලික අවධානය ලබාදීම කාලෝචිත බවයි මගේ අදහස. මන්ද වර්ථමානයේ අපේ රටේ මේ ආකාරයෙන් අවධානයට හා සාකච්ඡාවට ලක්විය යුතු න් ඕනෑතරම් එදිනෙදා අපට හමු වනවා. ඒ අතරට ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ, ඝාතන, රියඅනතුරු වැනිදේ උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. එම නිසා මෙහිදී අප විසින් කල යුත්තේ මෙවැනි දේ දුටු විට අනේ අපොයි කියා ඒදේවල් අමතක කර තමන්ගේ වැඩක් කර ගැනීමේ සංකල්පය දැන්වත් ඉවත් කරලා. මෙවැනි සමාජ විරෝධී දේවල් දුටු විට නොබියව ඊට එරෙහිව ජතාභේද පසෙකලා එකමුතුවන හා හඩනගන සමාජයක් බිහි කිරීම හා ඒ සමාජයේ කොටස්කරුවන් වීම අප වෙතින් ඉටුවිය යුතු යුතුකමක්.
-මිතිලයා ගමගේ (අන්තර්ජාලය ඇසුරෙනි)