”Bring them home ” අතුරුදන්වුවන්ගේ 33 වන සැමරුම ! උතුරේත් දකුණේත් මිනිමරුවන් නිදැලේලේ ..

0
330

මේ රටේ අඛණ්ඩව සිදුකරනු ලබන සැමරුම් අතර ප්‍රධානතම එක වන්නේ රද්දොළුව හංදියේ පිහිටා ඇති දැනට අතුරුදන්වුවන්ගේ ස්මාරකය අභියස පැවැත්වෙන සැමරුමය.

බුහුමන් දක්වා වලදමන්නට වත් දේහයන්  නොතිබුන පරිසරයක මිට හරියටම වසර 33 කට කලින් මේ සැමරුම ඇරඹෙන්නේ කම්කරු අයිතින් වෙනුවෙන් සිය ජිවිත කැප කළ රංජිත් සහ ලයනල් ව පුළුස්සා මරා දමා තිබුන රද්දොළුව හංදියේදිය.

එයට මුල පුරා තිබුනේ පැවැති භිෂණය විසින් නිහඩ කරවන්නට නොහැකි වු බය නැති මිනිසුන් ගැහුණුන් අතලොස්සකගේ මුලිකත්වයෙනි.
බ්‍රිටො සහ ජයන්ති එයට නායකත්වය දි තිබුණි.

ෆේස් බුක් මාධ්‍ය සංදර්ශන දිනපතා නොතිබුණද ඔවුන් එදා පටන් උතුරේත් දකුණේත් අතුරුදහන් වුවන්ගේ අයිතින් වෙනුවෙන් නිරන්තර අරගලයක නියැලුණි.

අත්නොහැර සටන් කරන්නනට දකුණේ සිවිල් සමාජයට ජිවිතආදර්ශයෙන්ම පාඩම් කියා දුන් මිනිසුන් ගැහැණුන් අදත් 33 වන වරටත් රද්දොළුව හංදියට විශාල පිරිසක් රැසක් කර මෙමසැමරුමට ජිවයක් ලබා දි තිබේ.

එදා පටන් හැම වසරක නොඑන පුතු මග බලාගෙන අඩනවා අම්මා යැයි ගීතයෙන් ගයන්නට ජයතිලක බණ්ඩාර අදත් මෙම සැමරුම සිය නොසැලෙන හඩින් හයියක් වි තිබේ.

ආගමික නායකයන්,  සිවිල් සමාජ ක්‍රියාකාරින් , තානාපති කාර්යාල නියෝජිතයන් . අතුරුදන්වුවන්ගේ  පවුල්වල සාමාජික සමාජිකයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

මේ අතර බලහත්කාරයෙන් අතුරුදන් කළ වූවන් සොයා දෙන ලෙසට උතුරු – නැගෙනහිර දෙපළාතේ ඥාතීන් ආරම්භ කර ඇති විරෝධතාව අඛණ්ඩව 2,441ක් වන දිනටත් ක්‍රියාත්මක

මෙම විරෝධතාවට සම්බන්ධව සිටි දෙමාපියන්ගෙන් 125කට අධික පිරිසක් මේ වනවිට මිය ගොස් ඇති අතරයග  ශ්‍රී ලංකා රජයෙන් ප්‍රශ්න කර සිටින්නේ, උද්ඝෝෂණවලට සම්බන්ධව සිටින සියලු දෙනා මිය යනතුරු මෙලෙස නිහඬව පියවරක් අනුගමනය කරනවා ද යන්නයි.

අතුරුදන්වුවන් ඝාතනයට ලක්වු මාධ්‍යවේදින්ට යුක්තිය ලබාදෙන බව කියමින් බලයට පැමිණි 2015 යහපාලනන ආණ්ඩුව පවා මේ ප්‍රශ්ණ වලට අදාලව යුක්තිට ඉටුකරදිමට අවංකව කටයුතු කළ බවක් පෙනුනේ නැත.මේ පසුබිම තුල උතුරේ මෙන්ම දකුණේද මිනිමරුවන් යහතින් වැජඹෙන අතර තානාන්තර කරමින් නිදැල්ලේ සිටිති.