C-190 සම්මුතිය ගැන ශ්‍රමාභිමානී කාන්තා දින සැමරුමේදී අවධානයට

0
108

WhatsApp Image 2025 03 21 at 12.30.04 e554b83a Copyපසුගිය

මාර්තු මස 8 වැනි දිනට යෙදුණු ලෝක කාන්තා සැමරුම් දිනය නිමිත්තෙන් ශ්‍රමාභිමානි කේන්ද්‍රය මගින් සංවිධානය කල කාන්තා දින සැමරුම් වැඩසටහනක් පසුගිය 09 වැනි ඉරු දින (09/03/2025) සවස  ඇවරිවත්ත, වළානගොඩ, විහාරස්ථානයේදී පැවැත්විණි.

මෙම උත්සවය සඳහා ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා, ගරු නොයෙල් ක්‍රිස්ටීන් පැවදි සොහොයුරිය සහ සුගත් රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රමාභිමාන කේන්ද්‍රයේ කාර්යමණ්ඩලයද එලෙසම ගම්පහ දිස්ත්‍රික්කයේ , වෙනත් සිවිල් සමාජ නියෝජිතයන් පිරිසක්ද  සහභාගි වූහ.

” සියලු කාන්තාවන් සහ සියලු ගැහැණු දරුවන් සඳහා වන අයිතිවාසිකම් සහ   සමානත්වතාවය සවි බල ගන්වමු” යන තේමාව මුල් කරගනිමින් මෙම කාන්තා දින සැමරුම් වැඩසටහන පැවැත්විණි.

කාන්තාවන් සඳහා බලපාන්නා වූ සියළු ආකාරයේ වෙනස්කම් කිරීම් ,තුරන් කිරීම සඳහා වන සමුළුව (Convention on the Elimination of all forms of Discrimination Against Women ) හෙවත් ” සිඩෝ” සමුළුව (CEDAW)   සඳහා සිවිල් සංවිධාන  මගින් ඉදිරිපත් කරන ලද සමාන්තර වාර්තාව පිළිබඳවත් එලෙසම එම සමුළුව ශ්‍රී ලංකාව සඳහා ලබා දුන් නිර්දේශ පිළිබඳව දැනුවත් කිරීමද මෙහිදී සිදු විය. එහෙයින් රටවල් 189 ක් මෙම සමුළුවට සහභාගි වන අතර ශ්‍රී ලංකාවද මෙම සමුළුවේ සාමාජිකයෙකි. ඒ අනුව මෙවරද මෙම සමුළුව සඳහා කාන්තාවන් නියෝජනය වන ඇඟලුම් කර්මාන්තය සහ ධීවර  කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍රවල නියැලෙන කාන්තාවන්ට ඇතිවන ගැටලු සම්බන්ධයෙන් සිවිල් සංවිධාන කිහිපයක් එකතු වී සකසන ලද වාර්තාවක්ද මෙහිදී ඉදිරිපත් කෙරිණි

එලෙසම ” සී-190 නමැති කාන්තා හිංසනය සහ හිරිහැර පිටු දැකීම සඳහා වන සම්මුතිය”  ( C-190, Violence and Harassment Convention ) පිළිබඳවද මෙම වැඩසටහනේ්දී විශේෂාකාරයෙන් පැහැදිලි කෙරිණි . ඒ අනුව මෙම සම්මුතියට ශ්‍රී ලංකාව මෙතෙක් අත්සන් කර නොමැති අතර මෙම සම්මුතිය මෙරට තුළ බලාත්මක කරගැනීම සඳහා සිවිල් සංවිධාන ගණනාවක්  මේ වන විට කටයුතු කරමින් සිටියි. විශේෂයෙන්ම කාන්තාවන්ට වැඩ බිමේදී සිදුවන හිරිහැර හා හිංසනයන් වැළක්වා ගැනීම සඳහා ශක්තිමත් නීති රාමුවක් සකස් කර ගැනීමට මෙම  සම්මුතිය සමග සම්බන්ධ වීමේ වැදගත්කම මෙම වැඩසටහනේදී අවධාරණය කෙරිණි.

එලෙසම නිදහස් වෙළඳ කලාපවල සේවය කරන දමිළ කම්කරුවන් මුහුණදෙන  භාෂා ප්‍රශ්නය පිළිබඳවද මෙහිදී  දැනුවත් කරන ලදී.  කටුනායක,වෙළඳ කලාපයේ සේවය කරන සේවක සේවිකාවන් විසින් ඉදිරිපත් කළ නර්තනයන්ගෙන් සහ ළදරු පාසල්වල දරු දැරියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ නර්තනාංගයකින්ද මෙම කාන්තා දින සැමරුම් වැඩසටහන විචිත්‍රවත් විය.
ශ්‍රමාභිමානි කේන්ද්‍රය මගින් පැවැත්වූ මෙම ලෝක කාන්තා දින සැමරුම් වැඩසටහනට , කටුනායක සහ වතුපිටිවල  නිදහස් වෙළඳ කලාපයන්හී සේවය කරන සේවක සේවිකාවන් පිරිසක් සහභාගි වූහ.WhatsApp Image 2025 03 21 at 12.30.02 a8a49176 WhatsApp Image 2025 03 21 at 12.30.02 92e182ae Copy WhatsApp Image 2025 03 21 at 12.30.03 8bfb5950 Copy WhatsApp Image 2025 03 21 at 12.30.03 640ee800 Copy WhatsApp Image 2025 03 21 at 12.30.03 0998dd61 Copy WhatsApp Image 2025 03 21 at 12.30.04 bad4d08f Copy  WhatsApp Image 2025 03 21 at 12.30.05 c4df297d Copy WhatsApp Image 2025 03 21 at 12.30.13 d2243c8b Copy

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here