CH ආයෙත් වැඩ ?

0
120
????????????????????????????????????

පසුගිය  දා මීගමුව තලාදූව පාරේ පිහිටි CH  පුද්ගලික තානායමට විරුද්ධව ප්‍රදේශවාසීන් විසින් විරෝධතාවයක් පැවැත්වූයේ මෙහි සිදුවන ක්‍රියාකාරකම්  ඒ අවට පරිසරයේ ජීවත්වන පුරවැසියන් හට නොගැලපෙන බවට චෝදනා කරමිනි. විශේෂයෙන් මෙම කලාපය තුළ පාසල් ළමුන් ගැවසෙන අතර හින්දු කෝවිලක්ද ඒ ආසන්නයේම පිහිටා තිඛේ.

තලාදූව ප්‍රදේශයේ ජීවත්වන ගම්වාසීන් පවසන්නේ ඔවුන්ගේ දරුවන්ට මෙම ස්ථානය නරක ආදර්ශ සපයන බවයි.
CH හි පිහිටීම පැත්තෙන් ගත්කළ එහි අයිතිකරුවන්හට හොද ආදායමක් ලැබියහැකි ලෙස වාසියට කාරනා කීපයක් හේතුවී තිඛේ. එක් පසෙකින් මීගමුව බස්නැවතුම්පළ ඉතාම සමීපයේම තිඛෙන අතර අනෙක් පැත්තෙන් විශාල පුද්ගලික පන්ති ප්‍රමාණයක් මේ ආසන්නයේම පිහිටා තිඛේ. කෙසේ වෙතත් මෙම ස්ථානය පවත්වාගෙන යාමට විරුද්ධ වන පිරිසක් ගමතුළ සිටින අතර මෙම ස්ථානය පවත්වාගෙන යාමට සහය දක්වන පිරිසක් ද මේ අවට සිටියි. ගම්වැසියන් පවසන්නේ පොලිසියේද අනියම් සහයක් මෙම ස්ථානය පවත්වාගෙන යෑම වෙනුවෙන් ලැඛෙන බවයි. කෙසේ වුවත් දැන් නැවත CH ආරම්භ කර තිඛේ.

????????????????????????????????????