CH ගුබ්බෑයම තලාදූව ගම්වාසීන් වටලයි

0
107
????????????????????????????????????

(වීඩියෝ සහිතයි)  අද (24) පෙරවරුවේදී මීගමුව තලාදූව පාරේ පිහිටා ඇති පුද්ගලික තානායමකට විරුද්ධව එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විසින් විරෝධතාවයක් දක්වන ලදි. මෙම ස්ථානය අද පෙරවරුවේ සිට වසා තිබූ අතර ඊයේ සිට පෝස්ටර් මගින් විරෝධතා දක්වා තිබුණ හේතුවෙන් මෙම තානයමේ අයිතිකරුවන් හෝ කිසිවෙක් පෙපෙන්නට නොසිටි අතර පැයක පමණ කාලයක් ප්‍රදේශවාසීන් එම ස්ථානයේ රැදී සිටිමින් විරෝධතා දැක්වූහ.  CH ලෙස නම්කර ඇති මෙම ස්ථානය පුද්ගලිකව පවත්වාගෙන යන තානායමක් වන අතර මෙහි අයිතිකරු දංකොටුව ප්‍රදේශයේ පුද්ගලයෙකු බවද ප්‍රදේශවාසීන් පවසන අතර මෙම ප්‍රදේශයේ නිරන්තරයෙන් සිසු දරුවන් ගැවසෙන හා කතෝලික දේවස්ථාන මෙන්ම හින්දු කෝවිලක්ද තිඛෙන බැවින් එවැනි ස්ථානයක් මෙම ප්‍රදේශයට සුදුසු නොවන බව ඔවුන් පවසති.
මේ සම්බන්ධයෙන් මීගමුව පොලිසියට දෙවතාවක් පැමිනිලි කර ඇති බවත් පොලිස් ස්ථානාධිපතිවරු දෙදෙනෙක් මෙය නවතා දමන ලෙස CH අයිතිකරුට දැනුම්දී ඇතත් මෙම පුද්ගලයා මෙම ව්‍යාපාරය තවමත් පවත්වාගෙන යන බව ප්‍රදේශවාසීන් පවසති.

????????????????????????????????????