පොදුරාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායක උළෙල ශ්‍රිලංකාවේ පැවැත්විමට එරෙහිව විකල්ප මානව හිමිකම් උළෙලක් නොවැ 13 සහ 14 යන දිනවලදි කොළඹදි පැවැත්විමට සමඟි බලවේගය විසින් කටයුතු සංවිධානය කර ඇත.
LLRC වාර්ථාවේ ඇතුලත් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරනු පොදු රාජ්‍ය මණ්ඩලිය සාරධර්ම පිළිපදිනු යන තේමා මුල් කොට ගෙන පැවැත්වෙන මෙම මානව හිමිකම් උළෙලේ සමාරම්භක උත්සවය 2013 නොවැ 13 වනදා සවස 4 ට අංක 400 බැද්දගානේ පිටකොට්ටෙදි පැවැත්වේ.
දෙදින පුරා පැවැත්වෙන මෙම උළෙලෙදි ඡායාරූප ප්‍රදර්ශන මෙන්ම විවිධ සමාජ ප්‍රශ්ණ ගැන ජනතාව දැනුවත් කෙරෙන් විශේෂ ප්‍රදර්ශන කුටි මෙන්ම සාකච්ජාවන්ද සංස්කෘතිකාංගද ඇතුළත් බව එහි සංවිධාකයෝ පවසති.