CHOGM රචනා තරඟයේ පළමු තැන මීගමුව නිවුස්ටෙඩ් බාලිකාවට..

0
505

 

2013-11-06 11.19.56

 

පසුගියදා පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රචනා තරඟයේ සමස්ථ ලංකා පළමු ස්ථානය ලබාගෙන ඇත්තේ මීගමුව  නිවුස්ටේඩ් බාලිකා විද්‍යාලයේ අ.පො.ස. උසස් පෙළ අංශයේ 13  ශ්‍රේණියේ කලා අංශයේ ඉගෙනුම ලබන අකිලා අපේක්ෂාණි පෙරේරා ශිෂ්‍යාවයි.

මෙම තරඟයේ තේමාව වී ඇත්තේ ” පොදු රාජ්‍ය මණ්ඩලය සංවර්ධනය හා සමාජ සාධාරණත්වය  ” යන්නයි. මෙම තරඟ මාලාව පාසල් මට්ටමින් හා කලාප මට්ටමින්ද පසුව  පළාත් මට්මින්ද පවත්වා ඇති අතර  සියලුම තරඟ වලදී මෙම ශිෂ්‍යාව පළමු ස්ථානය ලබාගෙන  තිබේ.  මෙම තරඟ මාස 2ක් වැනි කාලයක් ඇතුලත පවත්වා ඇති අතර  අවසන් තරඟය ඔක්තෝබර් මස පවත්වා ඇත. අවසාන වටයෙන් ද පළමු ස්ථානය ගැනීමට මැය සමත්වීම විශේෂත්වයකි.  ඇය ලැබූ මෙම ජයග්‍රහණය සඳහා ඇයට  විදේශ සංචාරයක් ලැබීමටද නියමිත බව වාර්ථා වෙයි.
ඇයගේ මෙම ජයග්‍රහණ සඳහා දිරිය ලබා දී ඇත්තේ එම විදුහලේ කලා අංශයේ සිංහල විශය භාර නිර්මලී ගුණතිලක ආචාරිණියයි.

2013 වසරේදී ඇය ලබාගත් භාෂා තරඟ ජයග්‍රහණ පහත ලෙසය.

කලාප ගද්‍ය රචනා දෙවන ස්ථානය

කලාප පද්‍ය රචනා පළමු ස්ථානය

මීගමු නගර සභා පුස්ථකාල තරඟ වලදී ප්‍රාදේශීය දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් ගද්‍ය රචනා හා පද්‍ය රචනා  සඳහා ජයග්‍රහණ.

මීගමුව සාහිත්‍ය කලා මහොත්සවය 2013 දී ගද්‍ය රචනා පද්‍ය රචනා හා ළමා කතන්දර සඳහා ජයග්‍රහණ.

2013-11-06 11.23.39

අකිලා ශිෂ්‍යාව නිර්මලී ගුරුතුමිය හා විදුහල්පති එච්.එච්.ගයනි හේරත් මැතිණිය සමඟ.