( 12.15 pm ) මිගමුවේ සංචාරක කර්මාන්තය මේ වෙන කොට බරපතල අර්බුදයක තියෙන්නේ.ඒක ගොඩගන්න සංචාරක කර්මාන්තයේ යෙදිල ඉන්න අය ලොකු සටනක් දෙනවා
මිගමුවේ සංචාරක කර්මාන්තය මේ විදියට වලපල්ලට ගියේ මිගමුව පාලනය කරපු පාලකයෝ හින්ද කියන තමයි කර්මාන්තයේ යෙදිල ඉන්න අති බහුතරයකගේ අදහස.
දැන් ඉතින් මේක ගොඩ හදනව නම් මිගමුව ඇත්තටම ක්ලින් කරන්න ඕනා.ලොකු වෙනසක් ඇති කරන්න ඕනා.රටට ලෝකයට පෙනෙන විදියේ.
දැන් මේකට පුනරුද ආණ්ඩුව ලෑස්තිද?
මිගමුව වැල්ල කඩිනමින් නිදහස් කරල එතන කරවල නිෂ්පාදකයන්ට පැහැදිලි විකල්පයක් හදන්න කඩිනම් වෙන එක අංක එක.
බිච් පාක් එක සොර මුලක පාලනයෙන් මුදව ගන්න තාමත් මේ රජයට බැරිවුන එක විසින් මිගමුවට කියා සිටින යථාර්ථය මොකක්ද?
එහෙම වෙන කොට මිගමු වැල්ල නිදහස් කරගන්න පුලුවන් වෙයිද? දැනට මාස කිපයකට උඩදි ගම්පහ දිස්ත්රික් මාලිමා වේ දේශපාලන ප්රධානින් කිපදෙනෙක් සහ මිගමුවේ පරිපාලන අධිකාරිය මිගමුවේ වැල්ලේ නිරික්ෂණ චාරිකාවක නියැලුනා.එතන නිතියට පිටින් හදල තිබුන ගොඩනැගිලිත් තිබුන බව දකින්න ඇති.
දැන් ඉතින් වැඩ පටන් ගන්න තියෙන්නේ.