CMU – හේලීස් සමුහයේ වෘත්තීය සමිති ශාඛාවේ සුහද හමුව

0
137
 
ලංකා වෙළඳ ,කර්මාන්ත හා පොදු සේවක සංගමයේ  ( CMU ) හේලීස් සමුහයේ වෘත්තීය සමිති ශාඛාවේ සාමාජික සාමාජිකාවන්ගේ 2019 වාර්ෂික පවුල් හමුව පසුගිය ඉරිදා (10/20 ) ගම්පහදී පැවැත්විණි. සාමාජික සාමාජිකාවන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ඇතුළු 250 කට වැඩි දෙනෙක් එක්ව සිටි මෙම සුහද හමුව CMU වෘත්තීය සමිතියේ  සභාපති යූ.ජී. මහින්ද , නියෝජ්‍ය ලේකම්වරුන් වන ඇස් .පී නාදන්,ජෝශප් අරුල්වාසගම් සහ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි ද එක්වුහ. හේලීස් ශාඛාවේ සාමාජික සාමාජිකාවන් අතර සොබා දහම ගැන ලැදියාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සෑම අයෙකුටම සිය  ගෙවත්තේ සිටුවීම සඳහා පැළයක් සහ  තවත් පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් බෙදා දුණි. එමෙන්ම දරුවන්ගේ සාහිත්‍ය රුචිය ප්‍රවර්ධන වෙනුවෙන් සාහිත්‍ය පොත පත බෙදා දුන් අතර කලා නිර්මාණ හැකියාවන් ඔප් නැංවීම වෙනුවෙන් දරුවන් අතර චිත්‍ර ප්‍රදර්ශණයක් ද මෙහිදී පැවැත්විණි. ඊට අමතරව වෘත්තීය සමිති සාමාජික සාමාජිකාවන්ගේ කණ්ඩායම් හැඟීම, අවබෝධයෙන් කටයුතු කිරීම, අභියෝගයන් හමුවේ නොසැලී කටයුතු කිරීම වැනි දෑ ප්‍රවර්ධනය වෙනුවෙන් මෙහිදී වැඩසටහනක් ද ක්‍රියාත්මක විය. ඒ වෘත්තීය සමිති සහයෝගිතා මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙනි. හේලීස් වෘත්තීය සමිතියේ ක්‍රියාකාරී සාමාජිකයන් ලෙස කටයුතු කළ මේ වසරේ ආයතනයෙන් විශ්‍රාම දිවියට පිවිසෙන සාමාජිකයෝ අට දෙනෙකුට සමරු සහතික ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

IMG_6567