Coca-cola වලින් කරන්න පුළුවන් දේවල් 9ක්

0
354

1892 වර්ෂයේ නිර්මාණය කෙරුණු මේ රසවත් පානය තරම් මුළු ලෝකය පුරාම ජනප්‍රියත්වයට පත් වෙනත් පානයක් නැති තරම්. මේ පානය සම්බන්ධ නොයෙක් කරුණු විටින් විට අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒවගේම සමහරු නම් කියන්නේ මේ පානය අපේ සෞඛ්‍යට අහිතකර බවයි. කොහොම වුනත් තරුණ පරපුර අතර ඉතාමත් ජනප්‍රිය පානයක් වන කොකාකෝලා පානය අපිට යොදාගත හැකි විවිධ අවස්ථා 9ක් ගැන තමයි අපි දැන් ඕගොල්ලොන්ට කියන්න යන්නේ.

පැල්ලම් ඉවත් කිරීම සඳහා.

Screen Shot 2015 07 30 at 12.24.02 pm
වෙළඳපොලේ ඇති හොඳ වර්ගයේ පැල්ලම් ඉවත් කරන රසායනික වර්ග මිලෙන් තරමක් අධික වෙන්න පුළුවන්. නමුත් කොකාකෝලා වල අඩංගු කාබනික් සහ පොස්පරික් අම්ල මගින් ඔබේ ඇඳුම් වල පැල්ලම් ලෙහෙසියෙන්ම ඉවත් කරගන්න පුළුවන්. ඔබේ රෙදි සෝදන කුඩු සමඟ කොකාකෝලා මිශ්‍ර කර බලන්න.

වේදනා නාශකයක්.

3575
ඔබට මී මැස්සෙක් වගේ සතෙක් විද්දා ද ? එහෙනං කොකාකෝලා ඔබට උදව් වෙයි වේදනාව අඩුකරගන්න.

ඔබේ කොණ්ඩයේ රැලි සකස් කරගැනීමට

263343 10151439845541274 2106338143 n
පෙන නොමැති කොකාකෝලා ඔබේ කෙස් වලට වත්කරන්න. ඉන්පසු මිනිත්තු කිහිපයකට පසු එය සෝදා හරින්න. සැනෙකින් ඔබට ප්‍රතිපල අත්විදින්න පුළුවන්.

රූපලාවන්‍ය කටයුතු වලදී

jf67v0 l
පෙන රහිත කොකාකෝල මේස හැන්දක් ඔබේ ක්‍රීම් එකත් සමඟ මිශ්‍ර කර සම මතුපිට සම්බාහනය කරන්න. ඔබේ සම පැහැපත් වී මෘදු බවක් ලැබේවි.

චුවින් ගම් ඉවත් කිරීමට

CAP Abed puts gum in Brittas hair
ඔබේ කොණ්ඩයේ chewing gum ඇලිලා ද ? ගලවගන්න අමාරු හින්දා කොන්ඩේ කපලා දාන්න ද හදන්නේ ? පොඩ්ඩක් ඉන්න. කොකාකෝලා ටිකක් වත්කරලා විනාඩි 5ක් 10ක් ඉඳලා නැවත උත්සාහ කර බලන්න.

BBQ සෝස්

square coca cola barbecue sauce 600 306
ගෙදර සාදයක් ද ? බාබකියු සෝස් එක්ක කුකුළු මස් පිළිගන්වන්න ද සුදානම් වෙන්නේ ? සෝස් එකට කොකාකෝලා ටිකක් කලවම් කරලාම පිළිගන්වන්න. බලන්නකෝ රහ කොහොමද කියලා.

පරණ කාසි සුද්ද කරමු

a new shiny lincoln with older dull pennies in the background 2 1
කොකාකෝලා ටික වීදුරුවකට දාගෙන අවපැහැ ගැන්වෙච්ච කාසි ටික ඇතුලට දාලා ටික වෙලාවක් තියල බලන්නකෝ. කාසි ටික ලස්සනට දිලිසේවි.

ඩයි ඉවත් කිරීමට

Hair Colouring img1
කොන්ඩේ පාට වෙනස් කරන්න ආස හින්දා පාටක් ගෑවට ඒක ටිකක් අප්සෙට් වගේ ද ? දැන් මොකද කරන්නේ.. diet coke ටිකක් දාලා බලන්න කොණ්ඩෙට. පාට ටික ටික අඩුවෙලා යන්න පටන් ගනියි.

කාර් එකේ බැටරිය පිරිසිදු කරන්න.

Cleaning a Car Battery With Coca Cola
ඔබේ වාහනය පනගැන්වෙන්න ටිකක් හොරයි වගේ ද? සමහර විට බැටරියේ අග්‍ර වල ලවණ බැඳිලා හින්දා වෙන්න ඇති. කොකාකෝලා ටිකක් බැටරි අග්‍ර වලට වත්කරන්න. එහි ඇති ඉහල ආම්ලිකතාව නිසා ඔක්සයිඩ ටික ඉවත් වෙලා වාහනය හොඳට පනගැන්වෙයි.

උපුටා ගැනීම – සිරා.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here