CoVID-19 නිසා අපෙන් සමුගත් දිනේෂ් සොහොයුරාගේ මරණින් පසු වැලිකන්ද රෝහලේන් ඉස්මතු වූ අමනුෂ්‍යකම.

0
224

😪😪😪😪😪😪😪😪
CoVID-19 වැලදී දින 10 වඩා වැලිකන්ද රෝහලේ ප්රතිකාර ලබමින් සිටී Udaya Dinesh සොහොයුරා අප්රේල් 4 අලුයම සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කරන්නේ කොරෝනා මාරයාට බිලිවූ පස්වන ලාබාලම ශ්රී ලාංකිකයා වශයෙන් වැලිකන්ද රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ක්රියා කාරිත්වයට පිලිබද ප්රශ්නාර්ථයක් ඉතිරි කරමිනි.සිය අවසන් සුසුම් පොද වා තලයට මුසු වීමටත් පෙර යූරෝ 800 ආසන්න මුදල් හා Bank card සමග සිය මුදල් පසුම්බිය Passport ,Permesso di Soggiorno,,ඉතාලි සිය රැකියා ආයතනය සමග ඇතිකරගත් ගිවිසුම් ආදී වැදගත් ලිපි අඩoගු සිය බෑග් දෙක අස්ථානගතව ඇත .මරනයයට පත්වූ රොගියෙකුගේ සියලු බඩු බාහිරාදියේ අදාල වගකීම රොහල් අධ්යක්ෂක වගකිවයුතු බැවින් මේ පිලිබද උදයගේ බිරිඳ විසින් පොලොන්නරුව රෝහලේ අධ්යක්ෂ වෙතින් විමසීම් කලත් ඔහුත් තම වගකීමෙන් මගහරින බවක් මේ වනවිට උදා වී ඇත.ඒ පිලිබද මේ වනවිට ජනාධිපති කාර්යාලයට පවා පැමිනිලි කිරීමට සිදු වී ඇත.දරුවන් දෙදෙනෙකු සමග තනී වූ උදයගේ බිරිඳට අද සිය සැමීයා සේවය කල ආයතනය තුලින් උරුම වන්නට ඇති කිසිවක් ලබා ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇත.මෙහි පලකර ඡායාරූපය උදය දැඩිසත්කාර ඒකකයට දැමීමට සුලු මොහොතක ට ප්රථම සිය බිරිඳ වෙත ලබාගත් වීඩියෝ ඇමතුමක screen shot එකක් වන අතර එහි රෝස පැහැයෙන් ලකුණු කර ඇත්තේ උදයගේ කලු පැහැති බෑග් එක වන අතර අත්වැරැදීමකින් අස්ථාන ගත වීමට කෙසේවත් ඉඩ නොමැති බව බැලූ බැල්මට පෙනී යයි.92913489_624984018345888_6654857774234599424_n
ගරු ජනාධිපතිතුමනි ,අගමැතිතුමනි සෞඛ්ය ඇමතිතුමියනි ,විදේශ කටයුතු ඇමතිතුමනි සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්තුමනි,යුද හමුදාපතිතුමනි ,පොලිස්පතිතුමනි අප මිතුරාගේ ජීවිතය නැවත ලබා ගත නොහැකි,එනමුත් වෙනත් රෝගීන් සදහා මෙවැනි සිදුවීම් සිදු නොවීමටත් ඔහුගේ බිරිඳටත් පාසල් යන දරු දෙදෙනාටත් යම් සාධාරණයක් ඉටු කරනු වස් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකොට වගකීම් විරහිතව කටයුතු කල සියලු දෙනාටම තරා තිරම නොබලා කටයුතු කරනු ඇතැයි දෑස් දල්වාගෙන බලා සිටින්නමු.එසේ නොවුනොත් කොරෝනා මාරයාගෙන් රට බේරා ගන්නා ලද සුදු කිරි කලයට ගොම බිදක් වැටුනාක් මෙන් ජාත්යන්තරය තුළ ද මේ සිදුවීම කැකෑරෙනු ඇත.
අප මිතුරු උදයට නිවන් සුව පතනු ගමන් ඔහුගේ බිරිඳකටත් දරු දෙදෙනාටත් සාදරනයක් වනු ඇතයි අපි බලාපොරොත්තු වන්නෙමු.
මීට ..උදයගේ පවුලේ හිතවතුන් , ඉතාලියේ වෙසෙන ශ්රී ලංකිකයින් සහ උදයගේ මිතුරු ,මිතුරියන්

 

(අසේල හේවගේ සොහොයුරාගේ මුහුණු පොතෙනි)

93021028_588403005098935_2979268154372390912_n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here