E කැන්වසින් සාර්ථක ,ඩෙංගු පාලනය අසාර්ථක කටාන!

0
177

Screenshot_20190815_115814

මිගමුවේ මෙන්ම කටානේ පොහොට්ටු දේශපාලනයද ඇත්තේ අර්බුදයකය.ඒ එකිනෙකාගේ පුද්ගලික න්‍යාය පත්‍ර පොදු දේශපාලන අරමුණ අභිබවා ගොස් ඇති බැවිනි.දේශපාලනය මේ ආකාරයෙන් අර්බුදයකට ගොස් තිබියදි විශේෂයෙන්ම කටාන තුල දැවැන්ත තවත් අර්බුදයක් දැන් මතුව තිබේ.එනම් ඩෙංගු වසංගත තත්වයක් කරා ගමන් කර තිබිමය.තතු එසේව තිබියද ඒ වෙනුවෙන් සාමුහික මැදිහත්විමක් කොට මිනිස් ජිවිත මේ වසංගත තත්වයෙන් බේරා ගැනිමට ඇති සුදානමක් නම් නොපෙනේ.මේ පසුබිම යටතේ කටානේ ආනන්ද හරිස්චන්ද්‍රට පොහොට්ටුවේ ඊ කැන්වසින් ව්‍යාපාරයේ සාර්ථකත්වය ගැන සටහන් තබද්දි මිනිස් ජිවිත බේරා ගැනිමට පොදු සාමුහික මැදිහත්විමක් කරගැනිමට බැරිවිමේ අසාර්ථකභාවය නොපෙනේ.(දින 10ක් තුල මිනිස් ජිවිත 2කක් බිලිගන්නා තරමට ඩෙංගු තත්වය උත්සන්නව තිබිමෙන් මේ අර්බුදයේ බරපතලකම පැහැදිලිව තිබේ).ඉන් කියැවෙන්නේ කුමක්ද?මිනිස් ජිවිත යනු ඡන්ද කාලෙට පෙට්ටියක⁣ට වට්ටගන්නට වලිකන තවත් ඡන්ද කොලයක්ම මිස පණ ඇති ජිවත්කරගත යුතු ප්‍රාණියෙක් යැයි නොසිතන බව නොවේද?ආනන්ද හරිස්චන්ද්‍රලාට ජයගැනිමට නොහැකි සැබෑ අභියෝගය වන්නේද එයයි.