Earth Friends කලපුව රකින්න කඩොල් සිටවති !

0
391

ලෝක කඩොලාන දිනය සමරමින් මිගමුව කලපු තිරයේ පිටිපන ප්‍රදේශයේ කඩොල් පැල සිටුවිමේ වැඩසටහනක් පසුගියදා සිදුව තිබුනි.

ගම්පහ දිස්ත්‍රික්කයේ Earth Friends තරුණ කණ්ඩායම  සහ වනජිවි සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ තරුණ  අංශය  විසින් මෙය සංවි්ධානය කර තිබුන අතර British council  ආයතනය විසින් මෙම වැඩසටහනට පුර්ණ අනුග්‍රහය  ලබා  දි තිබුනි.

මෙම අවස්ථාවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව සහ British council ආයනය එක්ව සිටියහ.

කලපු පරිසරය රැකිම සදහා කඩොලාන වැවිමේ මෙවැනි වැඩසටහන් ඉතාමත් ප්‍රයෝජනවත් වන අතර කඩොලාන පරිසරය විනාශ කිරිම අරභයා විවිධ කණ්ඩායම් විසින් සිදුකරන වැඩවලට එරෙහිවිමටද විශේෂයෙන්ම තරුණ ප්‍රජාව පෙරමුණ ගත යුතුව තිබේ.