EMS ගැන කියන්න තැපැල් කන්තෝරුව පාරට එයි

0
187

WhatsApp Image 2025 03 09 at 13.34.39 64c82ca5 Copy  ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ විශේෂිත සේවාවක් වන ජාත්‍යන්තර අධිවේගී තැපැල් සේවාව (Expedited Mail Service) ඇතුළුව අනෙකුත් සේවාවන් ප්‍රවර්ධනය කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනට සමගාමීව 2025.03.08 දින ගම්පහ උතුර තැපැල් අධ්කාරි කොට්ඨාශයේ වැඩසටහන මීගමුව,කටුනායක,කොච්චිකඩේ තැපැල් කාර්යාල කේන්ද්‍ර කරගනිමින් එම නගර ආශ්‍රිතව පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය තැපැල් අධිකාරි ගම්පහ උතුර එල්.ඒ.පී.මල්කාන්ති මහත්මිය,දිසාපාලන නිළධාරී ගම්පහ උදේනි පෙරේරා මහත්මිය සහ ප්‍රධාන තැපැල් ස්ථානාධිපති මීගමුව චන්දිමා සෙනෙවිරත්න ,කටුනායක තැපැල් ස්ථානාධිපති එම් බී මාරසිංහ කොච්චිකඩේ තැපැල් ස්ථානාධිපති එම් ජේ සී එස් ප්‍රානාන්දු යන මහත්ම මහත්මීන් ගේ ප්‍රධානත්වයෙන් මීගමුව ,කොච්චිකඩේ ,කටුනායක තැපැල් කාර්යාලයන් හී කාර්‍යමණ්ඩලයන්හී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සාර්ථකව සිදුකරන ලදී.

මෙම නිලධාරින් හා කාර්ය මණ්ඩල එක්ව මීගමුව කටුනායක කොච්චිකඩේ යන ප්‍රදේශවල අත්පත්‍රිකා බෙදමින් ප්‍රදර්ශන රථ හා උපාංග උපයෝගී කරගෙන ප්‍රවර්ධන වැඩසටහන පා ගමනින් ගොස් වීථි සංචාරය කරමින් ක්‍රියාවට නගන ලදී.

2 Copy WhatsApp Image 2025 03 09 at 13.34.38 0c1b1cc5 WhatsApp Image 2025 03 09 at 13.34.38 8a4299e2 CopyWhatsApp Image 2025 03 09 at 13.34.37 dad6bec2 2 1 WhatsApp Image 2025 03 09 at 13.34.35 48dd9dc5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here