EPF , ETF මංකොල්ලයකට ආණ්ඩුව යළි සැරසෙයි ??

0
96

විපක්ෂයේ විරෝධය සහ නිදහසේ වේදිකාව ප්‍රමුඛ සිවිල් සංවිධාන එ්කාබද්ධව අද කොළඹ නව නගර ශාලාවේදී පැවති මහජන මන්ත්‍රණ සභාවේදී විපක්ෂයේ පා.මන්ත්‍රී එරාන් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන ලද කතාව.


මේ අයවැය සම්බන්ධයෙන් මගේ අදහස මෙහෙමයි.
පළවෙනි එක තමා අපි දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පසුගිය මාසයේ දී නඩු තීන්දුවක් දුන්නා මේ විසර්ජන පනත ලංකාවේ ව්‍යාවස්තාවට යම්කිසි ආකාරයකට පටහැනියි කියලා
.

විශේෂයෙන් අනපණත් දෙකක් තියෙනවා. එක අනපණතක් ඇවිල්ලා 1/බී අනපණත. ඒකට අනුව අවුරුද්දක් තුළදී ණය ගන්ඩ පුලුවන් ප්‍රමාණය සීමාවක් සදහන් කරනවා.

නමුත් උසාවිය තීන්දුවක් දුන්නා අනුමැතිය අරගෙන රජයට ඕන ඕන විදිහට තීරණය කරන්ඩ බැහැ කියලා. ඒ කියන්නේ ණය ගන්නවා නම් කොහෙන්ද ණය ගන්නේ ,කොච්චර ප්‍රමාණයක් ණය ගන්නවද මොන පොලියකටද ණය ගන්නේ කොන්දේසි තියෙනවද යන මේ සියල්ලක්ම දැනගැනීමට පාර්ලිමේන්තුවට  අයිතියක් තියෙනවා කියලා තීරණය කළා.


අපි බැලුවොත් අපේ රටේ ව්‍යවස්ථාවේ 148 වෙනි පරිච්චේදයේ සදහන් කරනවා පාර්ලිමේන්තුවට පූර්ව බලය තියෙනවා කියලා මුදල්  පිළිබදව. ඊට අමතරව ඔවුන්  විසර්ජන පනතේ 7-බී ගැන තීරණයක් දුන්නා ,එතන සදහන් කරනවා ඒ පනතේ තියෙනවා, අපි අයවැය සම්මත කරනකොට මොකක් හරි ශිර්ෂ පාඨයක් අුනුමත කරනකොට ඒ ශීර්ෂ පාඨයේ මුදල් ඒ කටයුත්තට හැර වෙන ශිර්ෂ පාටයකට යොදවනවා නම් ඒක වෙන කිසිවකට යොදවන්නට බැහැයි කියලා.

විසර්ජන පනතේ යෝජනා කරන දේ තමයි ඇමතිතුමාට ඒ මුදල් එක තැනකින් අරගෙන වෙන තැනකට, වෙන දේකට වියදම් කරන්ඩ පුලුවන් කියන එකයි. ඉතින් ශ්‍රේෂඨාධිකරණය තීරණය කළා ඒක කරන්ඩ අවසර නැහැ පාර්ලිමේන්තුවේ අවසරය නොමැතිව කියලා.


මම මේ කතාව ගිය සිකුරාදා කරලා සෙනසුරාදා අයවැය පිලිබද ජන්දය ගන්ඩ යන අවස්තාවේදී ජන්දය ගන්නට ප්‍රථමයෙන් මම නැගිටලා ප්‍රශ්නයක් මතු කළා කථානායකතුමාට ,මම ජන්දය දෙන්ඩ ඉස්සර වෙලා මට දැනගන්ඩ අවශයයයි මොන හේතුවක් උඩද මේ ජන්දය ගන්නේ ,නැත්නම් මේ විසර්ජන පනත සංශෝධනය කරන්ඩ රජය බලාපොරොත්තු වෙනවද ,බලාපොරොත්තු වෙනවා නම් මොනවද සංශෝධන කියලා.   මම ජන්දය දෙන්ඩ පෙර මට දැනගන්ඩ අවශ්‍යයයි කියලා.

මෙම පනත ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනියි කියලා ශ්‍රේෂඨාධිකරණය තීරණය කළා කියලා. ඒ අවස්ථාවේ විවාදයක් ඇතිවෙලා කථානායකවරයා කිව්වා අපි 3 වෙනි කියවීම කරනකොට තමයි මේ සංශෝධන ගන්නේ කියලා.

කථානායකතුමා ඒ දුන්න තීරණයට අපි අවනත වුණත් එතුමා දුන්න තීරණය එක්ක අපි එකග නැහැ කියලා කියන්න ඕනා.

අපි කොහොමද මේ ව්‍යවස්ථාවට පටහැනි පනතට ජන්දය දෙන්නේ.
ඉතින් මම දන්නවා මේ මන්ත්‍රණ සභාවේ ඔබ අයවැය  ගැන කතාකරනවා.
ඔබ විවේචනය කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රින් ඔවුන්ගේ  වගකීම් හරියට ඉෂ්ට කරනවද නැද්ද කියලා.
මට කියන්න අවශ්‍යයයි, බොහෝම අමාරු පරිසරයක් තුළ අපි කීපදෙනෙක් හරි ඒ වගකීම ඉෂ්ට කරන්ඩ වෑයම් කරනවා කියලා.

මම මේ සාකච්ඡාවට තව කෙටි අදහසක් ඉදිරිපත් කරන්නම්. ඒක ඔබේ සාකච්ඡාවට ලක්වෙන්ඩ පුලුවන් .
අපි දන්නවා 2011 දී අපිට කිව්වා අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 6.2% යි කියලා. මේ අවුරුද්දේ , 2012 අපිට කිව්වා ඊළග අයවැයේදී අයවැය පරතරය 5.8% ක් වෙන්ඩ යනවා කියලා. ඒ කියන්නේ මේ පරතරය අඩුවේගෙන අඩුවේගෙන යනවා කියලා පෙන්නනවා.  ඒක ගණිතමය විජ්ජාවක්.
අපි දන්නවා IMF එකත් එක්ක මේ  රජය ගිවිසුම් ගැහුවා. ගිවිසුම් ගහලා රජයට මුදල් ලැබුණා. අවසාන මුදල රජයට ලැබුනේ 2012 ජූලි මාසේ.
IMF වෙබ් අඩවියට ගොස් බැලුවොත් ශ්‍රී ලංකා රජය IMF එකත් එක්ක ලියුමකට අත්සන් තබලා තිබෙනවා.ඒ ලියුමේ සටහනක් තිබෙනවා. ඒ සටහනේ සදහන් කරනවා ශ්‍රී ලංකාවේ අයවැය පරතරය 6.5 %ක් නෙමෙයි  8.9%ක් කියලා. ඒක බොහෝම කුඩා අකුරු වලින් සදහන් කරලා තියෙනවා. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේත් ,ඛනිජ තෙල් සංස්තාවේත් අලාභ නොමැතිව ඒවා අයින් කරලා, අපිට පෙන්නන්ඩ  පුලුවන් අයවැය පරතරය 6.9% ක් කියලා සදහන් කරනවා.
ඇත්තටම මේ වගේ බොරු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරනවා දිගින් දිගටම. මේ හැම සංඛ්‍යාලේඛනයක්ම අපි විභාග කරන්ඩ  අවශ්‍යයයි. මොකද මේ පරතරය ලේසියෙන් සගවන්ඩ පුලුවන්, හරියට ණය සගවනවා වගේ.

අපිට කියනවා අපේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 100% යේ ඉදලා 78% ට බැහැලා කියලා. ණය සගවන්ඩ ලේසියි.
දැන් අලුත් ක්‍රමයක් තිබෙනවා. රජය කෙලින්ම ණය ගන්නේ නැහැ. රජයේ බැංකු වලට  කියලා තිබෙනවා ඔය අය ගිහිල්ලා ණය ගන්ඩ කියලා. රජයේ බැංකු ණය ගත්තහම ඒක ගනිතමයව අයින්  කරනවා රජයේ ණයක් හැටියට.
රජය ගත්තත්, රජයේ බැංකුවක් ණය ගත්තත්  මේක ශ්‍රී ලංකාවේ ණය, රජය ශ්‍රී ලංකාවේය රජය කැපවෙලා ඉන්නවා මේ ණය ගෙවන්න.  ඉතින් අපිට එක එක සංඛ්‍යෘලේඛන පෙන්නලා කියනවා මේ ණය බර අඩුවේගෙන යනවා කියලා.

ඊටත් වැඩිය උපක්‍රමයක් දැන් භාවිතා කරනවා. පුද්ගලික බැංකු වලටත් කියනවා ගිහිල්ලා ණය ගන්ඩ, අපි ඒ ණය වලට ගැරැන්ටියක් දෙන්නම් කියලා. ඇයි ඒ අයට ණය ගන්ඩ කියන්නේ . ඒතකොට ඒ ණයත් අර අනුපාත වලට වැටෙන්නේ නැහැ. ඉතින් අපි අයවැය කතාව අහලවත් මේ අනුපාත දිහා බලලාවත් අපිට තීරණයකට එන්නට බැහැ, මොකද අපි බලන්නට ඕනා ආර්ථිකයේ සෙෘඛ්‍යයයි.

පසුගිය වසර වල මේ රටේ වැඩකරන ජනතාව ඔවුන් විශ්‍රාම ගියාම ඔවුන්  බලාසිටින්නේ විශ්‍රාම වැටුප් ලබන්නයි. නැත්නම් අර්ථසාධක මුදල ලබාගන්නයි.මොනවද මේ රජය  කළේ ? එකෙන් කොටසක් අරගෙන ඒක දැම්මා කොටස් වෙළදපලට. 2009 සිට 2010 දී කොටස් වෙළදපොළ 120% කින් 99%කින් ඉහල ගියා. නමුත් අර්ථසාධක අරමුදලට මුදල් දාපු ජනතාවට  ඒ අවුරුදු දෙකේ ලැබුණේ 4.2 % යි 3.8%යි.

නමුත් වැඩකරන ජනතාවට ලබාදෙන්නේ මේ කොටස් වෙළදපොලෙන්  4.2කයි .3.8 යි. මේක තමයි මංකොල්ලය කියන්නේ. වැඩි ජනතාවගේ මුදල් අරගෙන සුළු පිරිසක් පොහොසත් කළා කොටස් වෙළදපොලෙන්.
දැන් මේ අවුරුද්දේ අයවැය පරතරය බලපුහාම බිලියන 500ක පරතරයක් තියෙනවා. ඒ පරතරය කොහොමද පියවන්නට යන්නේ, ඒ පරතරය පියවන්නට යන්නෙත් මේ රටේ වැඩකරන ජනතාවගෙන් හොරකම් කරලා. අද අපි දන්නවා අපේ ආදායම ු අඩුයි. මොකද වැටුප් වැඩිවීමක් සිදුවුණේ නෑ කියලා මෙතන සදහන් වුණා. අනාගතෙත් අඩුවෙන්ඩ යනවා.
ඒකේ සදහන් කරලා තියෙනවා මේ අවුරුද්දේ අපි විදේශීය ණය ගන්නේ නැහැ. අපි ගන්න යන්නේ රට තුළින්. බැංකු නොවන ණය ගන්ඩ යනවා කියලා සදහන් කරලා තිබෙනවා අයවැය කතාවේ.
බුැංකු නොවන ණය කියන්නේ මොනවාද?
අර්ථසාධක අරමුදලේ එකෙනුයි අඩු පොළියට අරගෙන සේවය කරන ජනතාවගේ  අද ආදායම විතරක් නෙමෙයි අනාගත අදායමටත් තට්ටු කරන්ඩ යනවා කියලා මට සහතික ලෙස කියන්ඩ පුලුවන්. ඒ නිසා මම කියනවා කල්පනාවෙන්
විමසීමෙන් සියලු දෙනාම සිටිය යුතුයි. වෘත්තීය සමිති විශේෂ අවධානයෙන් සිටින්නට ඕනේ. මේ උපක්‍රමය තමයි අද , රජය භාවිතා කරන්නට යන්නේ.