ETF විරෝධතා සහ රෝ⁣ෂේන් චානක…

0
321

ETF/EPF මංකොල්ලය පරදවමු,💪💪💪💪💪
අසාධාරණ කම්කරු නීති සංශෝධන හකුලා ගනු යන සටන් පාඨය යටතේ විරෝධතාවයක්
කටුනායක ආයෝජන කලාප පිවිසුම් දොරටුව ඉදිරිපිට දී පවත්වා තිබේ.නිදහස් වෙළද කලාපය තුල ක්‍රියාත්මක සංවිධාන විසින් සිය ෆේස් බුක් පිටුවල මේ ගැන පළකර තිබූණි.

එදා රාජපක්ෂ පාලනය විසින් ETF මංකොල්ලයට සුදානම් වෙද්දි ජිවිත පරිත්‍යාගයෙන් එය රැක ගත් රෝෂේන් චානකල ගැන දැන් මේ පාරට බැස ඇති අතිබහුතරයකට නිනව් නැත.

එම නිසාම පසුගිය ජුනි මාසයේ පැවැති රෝෂේන් චානක සමරුවට කම්කරුවන් එක්ව සිටි බවක් පෙනුනේ නැත.ඒ වෙනුවට එම විරෝධතාවයට එක්ව සිටියේ නිදහස් වෙළද කලාපයේ කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානින් සහ ඒවයේ සේවක සේවිකාවන්ය.

තම පුතා.ඇතුලු පිරිස ජිවිත පරදුවට තබා දිනාගත් ETF අරගලයත් රෝෂේන්වත් අමතක කළ කලාපයේ අය ගැන රෝෂේන්ගේ අම්මාට කුමක් සිතෙන්නට ඇතිද?

එවැනි සැමරුම් වලට කලාපයේ සේවක සේවිකාවන් කැදවාගැනිමට නොහැකිවිම ගැන ඒ වෙනුවෙන් වැඩකරන සංවිධාන වලට කීමට ඇත්තේ කුමක්දැයි අප නම් නොදනිමු.

ජිවිත පරිත්‍යාග රෝෂේන්ලාව අමතක කොට දැන් මේ පාරවල් වල කරන උද්ඝෝෂණ මාධ්‍ය සංදර්ශන පමණක්ද?ඉන් වාසි ලබන්නේ කව්ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here