Facebook පෙම වෙන්නප්පුව පොලිසියෙන් කෙලවර වෙයි.

0
69

මේ කථාව අපි මෙහෙම පටන්ගමු. කොල්ල නුවර පැවත්තේ කෙල්ල වෙන්නප්පුවේ, ඉන්නේ පිටරටක. වැට් වලදි කෙල්ලට කියල තිබුනේ කොල්ල දත් දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා පේරාදෙනියේ විශ්ව විද්‍යාලයේ.

ඉතින් ඔන්න කොහොම හරි වැට් ලව් එක පටන්ගත්තd.  කෙලිගෙත් කල වයස හරි පිළිවෙලක් වෙන්න. කොල්ලා  දස්සයා දිලා  තිබුනේ  අම්බානක තව්සන් ටොක් ටිකක් . කෙල්ල හිතුව ඉරණම් කාරයා තමයි දැන් තමන්ගේ ඉස්සර හ ලැපේ ඉන්නේ කියල.

ඉතින් කොල්ල පටන් ගත්ත ගැරිල්ල. අනේ මේ මට හොද පොන් එකක් එවන්නකෝ . කෙල්ල එව්ව නිකම් නෙමේ රු 30000 ක් විතර වටින බ්ලැක් බෙරියක්. අනේ මට හොද කණ්නාඩි ප්‍රේම් එකක් එවන්නකෝ . අනේ මෙන්න කෙල්ල අහපි ඇයි එකක් එවන්නම් දෙකක් කියල එව්වා.

ඊට පස්සේ කොල්ල දැම්ම මෙහෙම බාසාවක් . මාත් ආසයි අනේ ටිකක් හොද ලැපක් ගන්න ඒක මගේ ස්ටේටස් වලටත් හොදයිනේ.කෙල්ල එවපි සල්ලි .

දැන් කෙල්ල හිතන් ඉන්නේ මේ වෙන්දී දත් දොස්තර බදින්න තරම් සෙට් කියලා. ඔන්න ඉතින් කෙල්ලගේ අම්මල නෑයෝ එහෙමත් මේ ක දැනගත්ත . ඒ ගැන කෙල්ල කොල්ලටත් කිව්ව . එතකොට තමයි කොල්ල ට තේරුනේ එනපොට හොද නෑ කියල..

පස්සේ කොල්ල කියපි හදහන් ගැලපෙන්නේ නෑ සොරි කියල .

එහෙම කිව්වට අර දුන්න බඩු ?  කෙල්ලගේ කට්ටියට මල පැන්න, කථා කරල කිව්ව කරුණාකරල කෙල්ල අරන් දුන්න බඩු ඔක්කොම දෙන්න කියල.

අප්පට හුඩු එතකොට කොල්ල වෙන වෙන ටොක්ස් දෙන්න පටන් ගත්ත.පොන් එක වතුරෙ වැටුන කිව්ව.   කණ්නාඩි frame නෑ කිව්වා.

පස්සේ කෙල්ලත් කථා කරල කිව්වා.    ඒත් නෑ. පස්සේ අන්තිමට කෙල්ල දැම්ම වෙන්නප්පුව පොලිසියේ පැමිණිල්ලක්. මෙන්න පුතයා ආවේ නැතැ  පොලිසියට බඩුත් එක්කම. සල්ලිත් භාගයක් දුන්නා. ඉතුරු සල්ලිත් ඉක්මනට දෙනව කියල පොරොන්දු වෙලා පොලිස් පොතේ ලිව්වලු.

කෙල්ල ආයෙත් රට යන දවසේ එයාපෝට් එකේ ඉදන් කොල් එකක් දුන්නලු.

උත්තර දුන්නේ කොල්ලගේ මල්ලිලු. එයා කිව්වලු ඔයා පෝන් එක ඉල්ල ගත්තු හින්ද අපේ අයියට දැන් පොන් එකක් නෑනේ ඔයාට උත්තර දෙන්න කියල..

අපි දැනට මෙතනින් නවතිනව…..