FB එකෙන් කොච්චිකඩේ තරුණයෙකුට හමුවුණ මාතර තරුණිය මංකොල්ලකාරියක් ?

0
69

robberසමාජ ජාල වෙබ් අඩවියකින් හදුනා ගත් බව කියන තරුණියක් මුණ ගැසීම සදහා මාතර මුහුදු වෙරල තීරයට පැමිණී 23 හැවිරිදි තරුණයෙකු බලහත්කාරයෙන් ත්‍රී රෝද රථයක දමා පැහැර ගෙන ගොස් ඔහු සතු රුපියල් තුන් ලක්ෂ තිස් හතර දහසක් වටිනා ජංගම දුරකථනයක් හා කැමරාවක් මංකොල්ල කා පලා ගිය පුද්ගලයින් තිදෙනෙකු සැක පිට අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

කොච්චිකඩේ තෝප්පුව පදිංචි එම තරුණයා මීට දෙසතියකට පමණ ඉහත දී අන්තර් ජාලයේ සමාජ ජාල වෙබ් අඩවියකින් එම සම්බන්ධතාවය ඇති කර ගෙන තිබේ.

පසුව ඔවුන් වයිබර් තාක්ෂණය ඔස්සේ කෙටි පණිවුඩ හුවමාරු කර ගෙන තිබෙන අතර තරුණිය ලෙස පෙනී සිටි තැනැත්තා මාතර නගරයට පැමිණෙන බව දැනුම් දී ඇත.
ඒ අනුව අදාල තරුණයා ඇය හමුවීමේ බලාපොරොත්තුවෙන් අධිවේගී මාර්ගයේ බසයකින් මාතරට පැමිණ තිබෙන බව කියති.

පසුව තරුණිය දන්වා එවා තිබු රතු පැහැති ත්‍රී රෝද රථයක් අසලට ගිය විට එහි පිටුපස සිටි සැකකරුවන් බලහත්කාරයෙන් ඊට නංවා ගෙන දෙවිනුවර වරාය දෙසට රැගෙන ගොස් රුපියල් එක්ලක්ෂ හැට පන් දහසක් වටිනා ජංගම දුරකතනය හා රුපියල් එක්ලක්ෂ හැට නව දහසක් වටිනා කැමරාව මංකොල්ල කා තමා ත්‍රී රෝද රථයෙන් එලියට ඇද දමා පලා ගිය බවට ඔහු පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලේ සදහන් වේ.

මෙය අන්තර්ජාලය ඔස්සේ සිදු කල සැලසුම් සහගත අපරාධයක් විය හැකි බවට පොලීසිය සැක කරයි.

මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ජී.එච්.මාරපන මහතාගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක ධම්මික අමරසේන මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිලිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
Matara Hotnews

Save

Save