FB එකේ අදහස් පළකිරිමේ අයිතිය රකින්න පල්ලිය ඉදිරියට එයිද ?

0
256
273050196 4891188767614959 3598186521424059965 n

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මා කළ ප්‍රකාශයක් මුහුණු පොතේ පළවෙද්දී එයට ප්‍රතිචාර එක් කළ පුද්ගලයකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළකරන බව සිරිල් ගාමිණි පියතුමෝ පවසා ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

අපි ඊයේ නිදහස සැමරුවා. අපිට තියෙන නිදහස මොකක්ද . භාෂණයේ නිදහස අන්තර් ජාතික මූලික මිනිස් අයිතිවාසිකමක්. එවැනි සමාජයක අපි ජීවත් වෙන්නේ. අදහස් ප්‍රකාශ කළාම පොලිසියට සී.අයි.ඩී යට ගෙන්වනවා නම් අදහස් ප්‍රකාශ කරන්න ජනතාව මැලිවෙනවා.අපේ අයිතිවාසිකම්වලට ගරුකරන්න ඕන.

ගාමිණි පියතුමා 2

අපි භාෂණයේ නිදහස පාවිච්චි කරන්නේ කාගෙවත් නම කැතවෙන්න නොවෙයි. ඒ වගේ අවස්ථා වලදී අහිංසක මිනිස්සු රස්තියාදු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට ඔබින්නේ නෑ.

අපිට කියන්න තියෙන්නේ භාෂණයේ නිදහස ආරක්ෂා කරන්න. පොලීසියට සීඅයිඩී එකට ඊට වඩා තියෙනවා කරන්න. විමර්ශන හරියට කරන්න කියලා ඉල්ලා සිටිනවා.

කතෝලික ක්‍රියාකාරියකු වන පන්නිපිටියේ පදිංචි එම පුද්ගලයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් පියතුමන් විසින් මෙසේ කනස්සල්ල පළ කළ බව වැඩිදුරටත් ලංකාදිප පුවතේ සදහන්ය.



සිරිල් ගාමිණි පියතුමන් විසින් මේ ආකාරයෙන් මතුකර ඇති අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය පසුගිය කාලය පුරාවටම ඉතාමත් දරුණු ලෙසින් උතුරේදි මෙන්ම නැගෙනහිර දිද උල්ලංඝණය වෙමින් තිබේ.

මළවුන් සැමරිමද ඒ් අයට තහනම් කිරිමට උතුරු නැගෙනහිර පොලිසි විසින් අධිකරණ නියෝග පවා ගනිමින් සිටිති.
මාධ්‍යයට සම්බන්ධ කම් ඇති සිරිල් ගාමිණි පියතුමන් වැනි කිතුණු නායකයින් මේ රටේ අදහස් පළකිරිමට ඇති අයිතිය වෙනුවෙන් උතුරු දකුණු භේදයකින් තොරව පෙරට ආ යුතුව තිබේ.

පන්නිපිටියේ ජෝශප්ට මෙන්ම වාලච්චේනේ කෝහිලදාසන්ට ෆේස් බුක් පිටු හරහා සිය අදහස් බෙදාගැනිමට ඇති අයිතිය රැකිමට අන් අය හා එක්ව අඛණ්ඩ අරගලයක් දියත් කළ යුතුව තිබේ.
සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ මුනි ව මෙන්ම දහස් ගණන් අසරණයන්,අහිංසකයන්ව සිරගත කොට ගෙන සිටින මේ කැලැ නිතිවලට කොන්දේසි විරහිතව සටන් කිරිමට සිරිල් ගාමිණි වැනි පියතුමන්ලා පෙරටම යා යුතුව තිබේ.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here