අද වන විට අන්තර්ජාලය අප හැමගේම සාමාන්‍ය ජීවිතයට බොහෝ සෙයින් සමබන්ධ දෙයක්. එයිනුත් Facebook, Viber, Skype වැනි දේවලට හිමිවන්නේ ප්රමුඛස්ථානයක්. මෙවැනි දේ වලින් ඇත්තටම මිනිසුන් තව තවත් ලංවෙනවා ඒ වගේම එකිනෙකා අතර තිබෙන අදහස් උදහස් හුවමාරු කරගන්නටත් මෙමගින් හොද අත්වැලක් ලැබෙනවා. ඇතැම් විට Facebook වලින් හම්බවෙලා ගොඩනැගුනු මිතුදම්, විවාහ සම්බන්ධතා පවා මේ සමාජයේ දකින්නට තියෙනවා. අද මං කියන්නට යන කතාව ඇතැම් විට මේ සමාජයේ සම්මත යැයි පිළිගත් දේවලට වඩා තරමක් වෙනස්. නමුත් මෙය තමයි සමාජයේ අප නොදකින අදුරු යථාර්ථය. මෙයට හේතුවුනු මූලිකම කාරණය වු Facebook සමාජ වෙබ් අඩවියයි.
මේ කතාවේ කතානායකයා ශෙහාන්. ඔහු පාසල් අධ්‍යාපනය අවසන් කර දැනට විරැකියාවෙන් පෙළෙන තරුණයෙක්. පියා අහිමි ඔහු, නැගණියක් හා වැඩිමහල් සහෝදරයෙක් සිටින පවුලක දෙවැනියා. අයියා විවාහ වී ඇති නිසා පවුලෙන් වෙන්වෙලයි සිටියේ. ඒනිසා පවුලේ බර ශෙහාන්ට දැනෙන්නට වැඩිකලක් ගියේ නැහැ. ඒ නිසාම මොකක් හරි රස්සාවක් හොයන්නට ශෙහාන් නොගත්ත උත්සහයක් නැහැ.
අද කාලේ සිටින ඕනෑම තරුණයෙක්ටම වගේ ශෙහාන්ටත් Facebook Account එකක් තිබ්බා. ශෙහාන් නාබර වියේ පසුවු නිසාම ඔහු හොද කඩවසම් බවකින් ද යුක්ත වුණා. පවුලේ කුමන ප්‍රශ්න තිබුණත් දින දෙක තුනකට වතාවක් තමන්ගේ Facebook profile picture එක වෙනස් කරන්නටත්, තමන්ගේ photo upload කරන්නටත් ඔහු පුරැදු වී සිටියා. ලෝකේ වටෙන් ඒවට comments, Likes දවසින් දවස වැඩිවුණා. එතකොට ශෙහාන් සිතුවේ තමන් Facebook එකේ ඉන්න වැඩ්ඩෙක් කියලා. දවසකට Friend requests පහ හයක් ඔහුට ඇවිත් තිබුණා. නානාවිධ පුද්ගලයන්ගෙන් ඒවා ඇවිත් තිබුණා. ඔහු ඒවා accept කළේ එම පුද්ගලයන් ගැන නොසොයාමයි.
මෙහෙම දවස් ගතවෙද්දී ශෙහාන්ට තමන්ගේ යාලුවන් අතරින් එක්කෙනෙක් එක්ක හුගක් ළගින් කතාකරන්න පටන් ගත්තා. ඔහුගේ account එකේ තියෙන විස්තර අනුව නම් ශෙහාන් ඔහුව අදුරගත්තේ ශෙහාන්ට වඩා අවුරුදු 3 ක් විතර වැඩිමහල්ලෙක් විදියටයි. නමුත් කාලයක් ඔහු ආශ්‍රය කළායින් පසු ඒවා හැම එකක්ම බොරු වුණා. අපි ඔහුව කමල් කියා හදුන්වමු.
Facebook එකේ Fake account හදාගෙන තරුණයින් එක්ක chat කිරීම කමල්ගේ විනෝදාංශය. කනගාටුදායක කරුණ එය නොවෙයි. මෙවැනි වැඩවලට යොමුවී ඇත්තේ සමාජයේ හොද පිළිගැනීමක් තියෙන වෛද්‍යවරු, විදුහල්පතිවරු හා සමාගම්වල ඉහළ තනතුරු දරණ තැනැත්තන්.
නමුත් මේවාට තනතුරු වැදගත්වෙන්නේ නැහැ. ශෙහාන්, කමල්ගේ Friend requests එක accept කලාට පසු දිනපතා දෙදෙනා chat කරන්න පෙළඹූණා. ශෙහාන්ට, කමල් අයියා දැන් හොද යාලුවෙක්. ඒ නිසාම ශෙහාන් තමන්ගේ පවුලේ ප්‍රශ්න තමන්ගේ රස්සාවක් හොයන බව වගේම වෙනත් ආශාවන් කියන්නට තරම් ඔවුන් කිට්ටු සම්බන්ධතාවයක් ගොඩනගාගත්තා. ශෙහාන් කිසිම දවසක කමල් දැක තිබුණේ නැහැ. නමුත් ඔවුන් දෙදෙනා Facebook මගින් ගොඩනගාගත් සම්බන්ධය එතරම්ම ශක්තිමත් වුනා. ශෙහාන් තමන්ගේ විස්තර කීව්වත් මේවනතෙක් කමල්ගේ පවුලේ විස්තර ඇසුවේ නැහැ. දවසක් කමල් තමන්ගේ පවුලේ විස්තර කීවේ මෙලෙසයි. “ මල්ලී මං මෙච්චර කල් ඔයාට කිව්ව නැති දෙයක් කියන්න තියෙනවා… මං බැදපු කෙනෙක්, මට ළමයෙක් ඉන්නවා, මගේ වයිෆ් හරි නපුරැයි. හැමදාම ගෙදර ප්‍රශ්න දානවා. ඒකයි මං ඔයා එක්ක කතාකරන්නේ… ඒකෙන් මට ලොකු සැනසීමක් ලැබෙනවා මල්ලී…… මාව තේරැම් ගන්නවා නේද ඔයා …..“
මතු සම්බන්ධයි …
පොඩ්ඩා