FB එකෙන් එක්දරු මවකට අපහස කළ තැනැන්තා පොලිසිය මඟහරියි?

0
114

fbnewඑක්දරු මවකට අපහස වන අන්දමේ ඡායාරූප  සහ විස්තරයක් පළකළ කොච්චිකඩේ මුරුතැන ප්‍රදේශයේ රාජේශ්  නැමැත්තාට එරෙහිව කොච්චිකඩේ පොලිසියේ CIB ii 332/192 අංක දරණ පැමිණිල්ල 2015 දෙසැම්බර් 18 වනදා උදේ 9 ට විභාගවිමට නියමිතව තිබුනද  රාජේශ්  නැමැත්තා පොලිසිය මගහැර ඇතැයි  පැමිණිලි  පාර්ශවය විසින් කියා සිටි.
මෙම පැමිණිලි විභාගය කොච්චිකඩේ  පොලිසියේ සුලු පැමිණිලි  අංශයේ ප්‍රධානියා වන බන්දුල මහතා විසින් සිදුකරන්නට නියමිතව තිබුනද රාජේශ්  නැමැත්තා කිසිදු  දැනුම්දිමකින් තොරව එම  දිනයේ  පොලිසිය මගහැර තිබේ.
මේ ගැන විමසිම සදහා සුලු පැමිණිලි අංශ ප්‍රධානි බන්දුල මහතා විසින් 0773898987 දරන ජංගම දුරකථනයට කතාකරමින් පැමිණිල්ල විභාග කිරිමට පැමිණෙන්නේ නැතිදැයි විමසා  සිටි අවස්ථාවේදි රජේශ් නැමැත්තාගේ පවුලේ අය විසින් දුරකථනය විසන්දි කොට ඇතැයි පැමිණිලි  පාර්ශවය  කියා සිටි.
කතකට අපහාස කිරිම බරපතල තත්වයක්ව තිබියදි මේ තැනැත්තාට පොලිසිය මගහැර යන්නට තරම් හයියක් ලැබි ඇත්තේ කෙසේ දැයි විමතියට කරුණකි.
පොලිසියේ නියමයන්ට ගරුසර නැත්තෝ සිටියේ රාජපක්ෂ  පාලන සමයේ දිය
ඒ සල්ලි ඇතුලු  විවිධ බලපුලුවන්කාරම්ද හේතුවෙනි.
ශ්‍රි ලංකාවේ බොහෝ පොලිසිවලට චෝදනා එල්ලව පැවතියේ විවිධ ජාවාරම්කරුවන්ගේ හිතවත් කම් මත පොලිස් සේවයටද නිගාදෙන අන්දමින් කටයුතු කිරිම් ගැනය.
කෙසේ වෙතත් දැන් පවතින යහපාලනය යටතේ එය වෙනස් විය යුතුව  තිබේ
පැමිණිලි විභාගයකට නොපැමිණිමෙන් අදාල තැනැත්තා කර ඇත්තේ පොලිසිය හෑල්ලුවට ලක්කිරිමකි.
එය වඩාත් බරපතල වන්නේ එක්දරු මවකට අන්තර්ජාලය ඔස්සේ බරපතල අපහසයක් සිදුකර තිබියදි ඒ පැමිණිල්ල විභාගයට නොපැමිණ පොලිසිය විසින් ලබාදුන් දුරකථන ඇමතුමද විසන්ධිකරමින් කටයුතු කර තිබෙන පසුබිමකය.
එවන් පුද්ගලයන්ට පොලිසිය ගන්නා ක්‍රියාමාර්ග ගැන අප බලාසිටින්නේ යහපාලන පොලිසිය දැන් වෙනස්ව ඇත්තේද යන්න ගැන සැකහැර දැන ගනු පිණිසය.

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here