FB එකේ request Accept කරන්න කලින් – (දෙවන කොටස )

0
145

FB එකේ request Accept කරන්න කලින්  –      පළමු කොටස

ඒ කතාව ඇසූ ගමන් ශෙහාන්ට කමල් ගැන අවිශ්වාසයක් ඇතිවිය. නමුත් එය සැනකින්
නැතිවී ගියේ කමල් කී වචනයක් නිසා. ‘‘මල්ලී මට ඔයාව ඉක්මනට හම්බෙන්ඩ ඕන. කොළඹට එන්න ‘‘ කී පමණින් ශෙහාන්ගේ ඉහේ මලක් පිපුණාක් වගේ විය. පසුදා උදෙන්ම අවදි වුණු ශෙහාන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිටිද්දී නවීන පන්නයේ වාහනයක් තමන් ඉදිරිපිටට පැමිණ නැවැත්තුවේ ය. ඉන් තමන්ගේ පියාගේ වයසට සමාන පුද්ගලයෙක් එළියට පැමිණ ඔහුව වාහනයට නග්ගවා ගත්තේය. ඒ කවුරැත් නොව මෙපමණ කාලයක් ඔහු හා chat කළ කමල් අයියා ය. ඔහු දැක ෙශහාන් පුදුම විය.39b2919a744d17c9370813610998cb4f

මෙතැන් සිට කියන්නට ඇත්තේ බොරු account ඒකක් හදාගෙන ශෙහාන්ට බොරු කරන තැනැත්තාගේ ඇත්ත කතාවයි.
ගුවන්තොටුපලේ නිෂ්පාදන අංශයේ විධායක නිලධාරියෙක් වන ඔහු විවාහ වී දැනට අවුරැදු 20 ක් පමණ වේ. නමුත් විවාහ ජීවිතයේ හැලහැප්පීම් නිසා ඉන් සතුටු නොවන ඔහු වෙනත් ආකාරයෙන් සතුට ලබන්නට පෙළඹෙයි. එයට ගොදුරු වුණේ නාඹර තරුණවියේ පසුවන ශෙහාන්. එදා ශෙහාන් මෙතෙක් කොළඹ තමා නොගිය ඉහළ පෙළේ සාප්පු වලින් තමන්ට කැමති ඕන දෙයක් ගන්න තියා කමල් අයියා කියා සිටියේය. තවද අලුත්ම ජංගම දුරකථනයක් ද ෙශහාන්ෙග් අතට ලබාදුන්ෙන්ය. එසේම ශෙහාන්ගේ ඉගෙනීමට අවශ්‍ය මුදල් ද ඔහුට ලබාදුන්නේ ය. මෙවගේ පසුබිමක් තුළ ශෙහාන්ගෙන් කමල් ගැන තිබුනු අවිශ්වාසය සැනෙකින් නැතිවිය. කමල් ගැන අාදරයක් ගරැත්වයක් ෙශහාන් තුළ අැතිවුණි. ‍ශෙහාන් එදා දින හුගක් සතුටු විය. කනගාටුදායකම සිදුවීම ඇතිවුණේ ඉන් අනතුරැවය. සාප්පු සවාරියෙන් අවසානයේ කමල් සිය පහත් ආශාවන් ඉටුකරගැනීමට ශෙහාන්ව පාවිච්චි කළේය. ශෙහාන් ද එයට අවනත වුනේ කමල්ට කරන ප%ති උපකාරයක් ලෙසිනි. මේ විදියට ඒ දිනය අවසන් වූ පසු එතැන් සිට ශෙහාන් කමල් ගැන වැඩි ඇල්මක් බලාපොරොත්තුවක් තැබීය. ඔහුගේ කරැණාව තමන්ගේ ඉගෙනීමට මුදල් ඔහුගෙන් බලාපොරොත්තු විය. නමුත් දිනෙන් දින කමල් ඔහුව අතහරිනබවක් ඔහුට තේරැම් ගියේය. වෙනදා වගේ chat කරන්නට කමල් දැන් නොපැමිණෙයි. වෙනදා වගේ තෑගිබෝග ගෙනත් නොදෙයි. ශෙහාන් මේ වෙනස දරාගත නොහැකි දෙයක් විය. කමල්ට කතා කරන්න, හමුවෙන්න කීපවිටක් උත්සහ කළත් ඒවා මගහරින්නට කමල් සමත් විය. ‘‘ මට ඔයාට වඩා මගේ පවුල දරැවා වටිනවා. මට කරදර කරන්න එපා ආයේ මට කතාකරන්න එපා ‘‘ කමල් ප්‍රතිචාරය විය. මෙවැනි සිදුවීම් ඔබ අසා ඇත්තේ ගැහැණුන් පිරිමි සම්බන්ධතා තුළ පමණක් විය හැකියි.

නමුත් අප නොසිතන බොහෝ දේ මේ සමාජයේ කාටත් හොරා සිදුවේ. මෙවන් දේ සැගවීම ඇත්ත්ටම මෙවන් සිදුවීම් තව තවත් වැඩිවීමට හේතුවක් විය හැකියි. තම ලිංගික ආශාවන් සදහා අහිංසක තරැණයින් යොදා ගැනීම බරපතල වරදති. එමෙන්ම තරැණයින්ට ද හුදෙක් ආශාවන්ට යට නොවී සමාජයේ ජීවත්වෙද්දී මීට වඩා අවධානයෙන් සහ දුර දිග සිතාබලා කටයුතු කිරීම ඉතාමත් වැදගත්. ශෙහාන්ට මෙම සිදුවීමෙන් පසු ඇතිවූ කම්පනයෙන් මිදීමට උපදේශකවරයෙක්ගේ සහය ලැබුණූ නිසා
ඔහුගේ ජීවිතයට අනතුරක් නොවුනත් ඔබේ සහෝදරයාගේ, පුතාගේ අනාගතය හුදෙක් Facebook එකවුන්ට් එකකට තීරණය කරන්න ඉඩ නොතියන්න…

මීට පොඩ්ඩා.
පළමු කොටස