FCID එක හොයනවා යැයි කියපු ඇමති නිමල් ලංසා යළිත් ලංකාවට ?

0
62

NImal-lansa-10ඇමති නිමල් ලංසා පවුල් පිටින් ඕස්ට්‍රේලියාවේ පදංචියට ගොස් තිබුනේ මීට මාස කිපයකට පෙරය.
පවුලේ සමාජිකයන් හා එක්ව සිටි දිගු කලක් ගත කළ ඇමතිවරයා ඕස්ට්‍රේලියාවේ  දැන් ලංකාවට පැමිණ ඇත.
ඔහු ලංකාවට පැමිණිමට නියමිතව තිබුනේ පෙබරවාරි 08 වෙනිදා යැයි මාධ්‍ය විසින් ද වාර්ථා කොට තිබුණි.
මේ අතර ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය සිය ප්‍රවෘත්තියක් මගින් පසුගිය සතියේ දක්වා තිබුනේ නියෝජ්‍ය ඇමති නිමල් ලංසාගේ ලංකා ගමනේ පමාවට හේතුව FCID එක විසින් පැවැත්විමට නියමිත ඇති පරික්ෂණයන් නිසා බවය.
එහි තවදුරටත් දක්වා තිබුනේ පසුගිය රජය සමයේ පැවැති චොගම් සමුළුව සංවිධාන කටයුතු සම්බන්ධයෙන් මේ පරික්ෂණ බැදි ඇති බවය.
ඇමති නිමල් ලංසා ආණ්ඩුවට එක්වුණ හේතුවද මෙය බව වරක් බස්නාහිර හිටුප මහඇමති ප්‍රසන්න රණතුංග මහතාද කොච්චිකඩේ පැවැති රැස්විමකදි පවසා තිබුණි.