මගේ පෞද්ගලික අදහස නම් මේ චිත්‍රපටය කොහෙත්ම මට “විඳින්නට” හැකි වූ චිත්‍රපටයක් නොවේ යන්නයි. මෙහිදී “විඳීම” ලෙසින් මම අදහස් කරන්නේ හුදෙක්ම සමබරතාවය පමණයි. මාතෘකාව සම්බන්ධයෙන් වූ බැරෑරුම් බව අවබෝධ කර ගත් නමුත්, මාතෘකාව කතා පෙළගැස්මක් තුල ඉදිරියට රැගෙන යාම තුල මොකක්දෝ නොතේරෙන හිස් බවක් තමයි මට නම් දැනුනේ. හින්දි චිත්‍රපටයක් විදිහට අභියෝගාත්මක සහ විප්ලවකාරී තේමාවක් විදිහට මෙහි අන්තර්ගතය මුළුමනින්ම වෙනස් තමයි. නමුත් ප්‍රේක්ෂකයෙක් විදිහට මට මේ දිහා බලන්නට වෙන්නේ, මින් පෙර කීප වරක් “විඳ” තිබෙන ‘Paa’ සහ ‘Guzasaarish’ වැනි චිත්‍රපට හා සංසන්දනය කරමින්. ඒවායෙහි වූ සිනමාත්මක අලංකාරයන් තුලින් ලද තෘප්තිය මේ හා නොසැසඳෙන්නේ, මෙහි වූ පූර්ණ ස්වභාවිකත්වය නිසාමයි කියන කාරණය නම් සඳහන් කල යුතුමයි. ස්වාභාවිකත්වය කියන දේ නිර්මානයක ගුණාත්මක භාවය මොන
තරම් වර්ධනය කලත්, වින්දනාත්මක පැත්තට ඉන් ඉටු වන සාධාරණය කුමක්ද කියන දේ තුලයි, මෙහි වූ මතභේදාත්මක බව තුල මගේ රසාස්වාදය අතරමං වෙන්නේ. නමුත් සමස්තයක් විදිහට ගත්තම දැවැන්ත සහ නිර්භීත නිර්මාණයක්, උපරිමයෙන් ගොඩ නගා තිබෙන බව ඉහලින්ම අගය කල යුතු කාරණයක්. මෙවන් වූ අභියෝගාත්මක සහ දැවැන්ත චරිත නිරූපනයක් සඳහා, තරු පන්තියෙන් බැහැර වූ නමුත්, චරිතාංග ශිලිපිනියක් විදිහට තිරයේදී කිහිප වරක් දැක තිබෙන Kalkiව යොදාගැනීම තුලම, මෙහි වූ නිර්මාණාත්මක බව ප්‍රත්‍ය කරවන්නක්. අනිවාර්යයෙන්ම ලැබෙන චරිතය වෙනුවෙන් කල හැකි උපරිමය නොපිරිහෙළා ඉටු කරන දීප්තිමත් රංගන ශිල්පිනියෙක් විදිහට මම හැමදාමත්ම ඇයව දැක්කා. සහය චරිතයන් තුලින් පමණක්ම බොලිවුඩයේ බොහෝ දුරක් ගෙවූ ඇය, ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජයන ගෙන ඇත්තේ, බොලිවුඩ් රංගන ශිල්පිනියන් බොහෝ දෙනෙකුගේම කඩ ඉම් පසු කරමින් බවත් පැහැදිලිව දකින්නට හැකි වූ කාරණයක්.
කතන්දරය තුලට “ශාරීරික දුබලතාව” කියන දේ පාදක වෙන නමුත්, සැබෑ පාදක වීම වෙන්නේ, ශාරීරික අප්‍රාණිකතාවයන් නිසා අප්‍රාණික නොවන මානසික ප්‍රාණවත් වීම් වල වූ සංවේදී පැතිකඩක් යන්නයි. මෙහිදී එය ලිංගික ආශාව, අවශ්‍යතාවයක් වන තරමට උග්‍ර වීමක් ලෙසින් ලඝු කිරීමක් කර නැහැ. ඒ වෙනුවට සියලු ලෝක සත්ත්වයාටම පොදු වූ ලිංගික ආශ්වාදය හෝ ප්‍රතිවිරුද්ධිතයා කෙරෙහි ඇති වන ආකර්ෂණය පිළිබඳව ගැඹුරු විග්‍රහයක් සිදු කර තිබෙන්නේ ,මේ මාතෘකාව සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් කතා බහට ලක් නොවෙන පිරිසක් ආශ්‍රයෙන්. මෙහිදී එම පිරිස සාමාන්‍ය පිරිසගෙන් වෙන් වෙන්නේ “ආබාධිතයින්” යන නාමයෙන් වුවත්, මානසිකව ගත් කල සියල්ලන්ම එකම තලයක රැඳෙන ආකාරය බොහොම සංවේදීව ඉදිරිපත් කර තිබෙනවා. මේ එකම තලය ගොඩනැංවීම උදෙසාම සාමාන්‍ය හින්දි චිත්‍රපට රීතිය අභිබවා යමින්, නවමු බොලිවුඩ් රීතින් ඔස්සේ සිද්දි දාමය ගලාගෙන යන්නේ, නිර්මාණකරුවාගේ සෘජු අදහස් ප්‍රකාශනයක් විදිහටයි. සියල්ල එයාකාරයෙන්ම ඉදිරිපත් කරන්නට මිස ව්‍යංගාරථයන් සපයන්නට ඔහු කොහෙත්ම උත්සුක වී නැහැ. නමුත් මම මුලින් සඳහන් කල, මගේ පෞද්ගලික රසාස්වාදයත් එක්ක මේ සෘජු බව නොපෑහීම පමණයි සිදුව ඇත්තේ. ඒ නිසාම සංවෘත මේ දිහා බලන්නට සිද්ද
වුනත්, විවෘත මනසින් විමසා බැලුවොත් මේ නිර්මාණය තුල නම් වූ අව්‍යාජ බව නම් විශ්මිතයි. එය එයාකාරයෙන්ම පසක් කරගැන්ම ප්‍රේක්ෂක ඔබට භාරයි…
උපුටා ගැනිම – සත්‍යජිත්ගේ මුහුණු පොතෙනි