“Filpper” මිලින්ද ප්‍රනාන්දු මීගමුව දංකොටුවේ හිපොප් ගායකයා:

0
76

“Filpper” මිලින්ද ප්‍රනාන්දු මීගමුව දංකොටුවේ හිපොප් ගායකයා: සංගීතය විශ්ව භාෂාවක් බවට පත්වන්නේ සංගීතය පිළිබඳව ජනතාවගේ ඇති අවබෝධය සහ දැනුම වඩා පුළුල්වූ විටය.එසේ නොමැතිනම් කකුල් දෙකට තම නිර්මාණ ලම්බක කර ගන්නා නිර්මාණකරුවෝ බීට් එකට නටන ඔලමොට්ටල රසිකයන් පිරිසක් අපට ඉතිරි කරනු ඇත. කිසිම සංගීත සම්ප්‍රදායක් එය බිහිවු රට හෝ බිහිකල පුද්ගලයා නිසා වඩා උසස් හෝ පහත් වන්නේ නැත. සෑම සංගීත සම්ප්‍රදායකටම ඒවාට ආවේනික මුල්(roots) තිබේ. එසේම,ඒ එකිනෙක සම්ප්‍රදායන් ඇලුම් කරන රසිකයන්ද සිටිති. අප එදිනෙදා සවන්දෙන සරල සංගීතය (සරල ගීතය) පොදුවේ බොහෝ දෙනෙක් අතරේ වඩා ජනප්‍රියත්වයට පත්ව ඇත. සරල ගීතයට නිෂ්චිත ගේය පද වැලක්, තනුවක්, සංගීත සංයෝජනයක් සහ ගායනයක් ඇත. මේ සරල බවට හිතාමතාම හිතුවක්කාර ලෙස අභියෝග කරන කණ්ඩායමක් අද ලෝකයේ ඇත. ඔවුන් සංගීතය සරල ගීතයෙන් ඔබ්බට රැගෙන ඇවිත් තිබෙන අතර ඒවාට විවිධ නම් දෙති. අපේ කතා නායකයා Filpper නැතිනම් මීගමුව දංකොටුවේ මිලින්ද ප්‍රනාන්දු එයට කියන්නේ හිපොප් ගීතය කියාය.
බොහෝ සෙයින් රැප් ගීතයට නෑකම් කියන මේ ගීත සම්ප්‍රදාය මේ වන විට ලංකාවේද ඉතා වේගයෙන් ජනප්‍රිය වන බවක් දැකිය හැක. කුඩා කාලයේ පටන්ම සංගීතයට සහ ගායනයට වීශේෂ ඇල්මක් දක්වන මිලින්ද රසකයින් අතර එන්නේ Filpper නමිනි. ඔහු හිපොප් තමාගේ සංගීත සම්ප්‍රදාය ලෙස තෝරා ගන්නා අතර මේ වනවිට සංගීත වීඩියෝ කීපයක්ම නිර්මාණය කර ඇත. ඔහු “කාලය” සහ “සුදු කාක්කෝ” සංගීත වීඩියෝ ඔස්සේ වත්මන් සමාජයේ නියත වශයෙන්ම සංවාදයට ලක්විය යුතු විෂයන් ඉදිරිපත් කර තිබීම සැබවින්ම අගය කල යුතුය. මේ වන විට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන මිලින්ද ඉදිරියේදි තවත් සුවිශේෂී සංගීත වීඩියෝ කීපයක්ම නිර්මාණය කර රසිකයන් වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙ සිටියි.
අරුණ ශාන්ත නෝනිස්