Free Help කරලා පස්සේ සල්ලි ඉල්ලන ගුවන්තොටුපලේ සේවකයන් ??

0
43

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී ඊයේ (23) මගියෙකුගෙන් ඒහි සේවකයන් විසින් කප්පමක් ලබාගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පළකොට තිබේ. මෙම වීඩියෝව පහත දැක්වෙන අතර මෙහි සිදුවන සිදුවීම හොඳින් නිරීක්ෂණය කරන්නෙකුට මෙහි සිදුවන්නේ කුමක්ද යන්න වටාහා ගත හැකි විය යුතුය. පෝටර්වරයෙකුගෙන් සහය ලබාගන්නා කාන්තාවක් සහ පෝටර් වරයාට සහ මගී පර්යන්තයේ තවත් සේවකයෙකුට මුදල් ලබාදීමක් ඒසේ සිදුකරන්නේ ඔවුන් අතර යම් දෙබස් හුවමාරුවකින් පසුවය. මෙහිදී ගුවන්තොටුපලේ සේවකයන් දෙදෙනා විසින් මෙම කාන්තාවට යම් බලපෑමක් සිදුකරන ආකාරය පැහැදිලිය. ඒමෙන්ම මෙම සිදුවීම විඩියෝ කරන පුද්ගලයා දෙසට අදාළ සේවකයා ඇදී ඒයි. ඔහු හැද සිටින ඇදුමේ සදහන් කර ඇත්තේ Special passenger care (free help ) යනුවෙනි.
ක්ලීන්ධා ශ්‍රී ලංකාවක් තැනීමට ඇප කැපවී සිටින බලධාරීන්ගේ අවධානයට යොමුවේවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here