“Free My Internet”

0
84

singapore-rally.sisingapore-rally-2පසුගිය සෙනසුරාදා එනම් ජුනි 8වෙනිදා සිංගප්පූරැවේ ක්‍රියාත්මක “Free My Internet” නැමති සංවිධානයක් එරට මාධ්‍ය සංවර්ධන අධිකාරිය විසින් පුවත් සම්බන්ද වෙබ් අඩවි සඳහා බලපත්‍ර ලබා ගැනීම පිළිබඳව නිකුත් කල ප්‍රකාශයේ තිබූ මතභේදාත්මක නීති සම්බන්ධයෙන් ඊට විරෝධය පළ කිරීමේ රැලියක් සංවිධානය කර තිබුණි.එම නව නීති වලට අනුව එරට ක්‍රියාත්මක පුවත් වෙබ් අඩවි වලින් මසකට 50 000කට වැඩි  පුවත් කියවන්නන් ඇති වෙබ් අඩවි තමන්ගේ වෙබ් අඩවියේ බලපත්‍රය සුරක්ෂිත කර ගතයුතු අතර ඒ සඳහා ඇ.ඩො.50 000ක තැන්පතුවක් අවශ්‍ය බවද ප්‍රකාශයට පත් කෙරිණි.මේ අනුව සිංගපූරු රජය මේ වන විට එරට ක්‍රියාත්මක වන යාහු (Yahoo)ද ඇතුළුව වෙබ් අඩවි 10ක් තමන්ගේ නීති වලට අනුකූල බව හඳුනාගෙන ඇත.

නමුත් Free My Internet සංවිධානය පවසන්නේ ‍බලපත්‍ර සම්බන්ධ මෙම ක්‍රියාවලිය මඟින් එරට තුළ තමනට නිදහ‍සේ කථාකිරීමේ අයිතියට රහසේම හානි පමුණුවන බවයි.ඔවුන් පවසන්නේ එරට රජය විසින් ප්‍රකාශයට පත් කල මෙම ආරක්ෂණ ක්‍රියාවලියෙන් දැනට එරට බ්ලොග් අඩවි නිදහස් වූවත් අනාගතයේදි අනිවර්‍යයෙන් ඔවුනුත් මෙම නීතියෙන් බලපෑමට ලක්වනු ඇති බවය.

නමුත් එරට මාධ්‍ය සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළ සිටින්නේ මෙම නීති සාධාරණ බවයි.රජය පවසන්නේ පුද්ගලික වෙබ් අඩවි හෝ බ්ලොග් අඩවි මෙම නීති වලට අයත් නොවන බවයි.ඔවුන් පවසන්නේ මෙම නීති ඔවුන් ක්‍රියාත්මක කරන්නේ එරට තුළ වාර්ගික සහ ආගමික වශයෙන් ඇතිවිය හැකි මුළාකිරීම් හා ප්‍රචණ්ඩත්වය ඇතිකිරීමට ඇති අවස්ථා අවම කිරීමට බවයි. තවදුරටත් ඔවුන් පවසන්නේ මෙහි අරමුණ වන්නේ එරට මාධ්‍යකරණයට බලපෑම් කිරීම වන බවයි.
ගලෝබල් වොයිස් ඇසුරෙනි-
සටහන -මිතිලායා ගමගේ