Granton මල්ලිලාගෙන් පරිස්සම් වෙන්න…

0
76

lg-smart-tvමාර්කටින් අද හුගක් දියුණුවෙලා. ඉස්සර අපි අපේ වුවමනාවන් සපුරගන්න කඩේට ගියත් , අද අපේ අවශ්‍යතා හා වුවමනාවන් සපුරාදෙන්න වෙළෙන්දන් අපේ නිවසටම නොපැමිණෙනවාම නොවේ. එහි වරදක් නැත. නමුත් අපි අවධානය යොමුකළ යුත්තේ මෙම පැමිණෙන වෙළෙන්දන්ගෙන් කී දෙනෙක් මේ වෙළෙදාම හරියාකාරව කරනවාද යන්නයි. මීට කදිම අත්දැකීමකට මුහුණදෙන්නට මගේ යාළුවෙක්ට පසුගිය දවසක සිද්ධ වුණා. ඒ මෙසේයි.

ධීවර කර්මාන්තය රැකියාව කරගත් ඔවුන්ගේ ගෙදරට Granton නම් ගසාගත් කාඩ් රැගෙන තරුණ මල්ලිලා පිරිසක් පැමිණ තියෙනවා. ඔවුන් කියා ඇත්තේ අපි ඩයලොග් එකෙන්. ඩයලොග් ටීවී Promotion එකක් කරනවා. මිල 5990 යි. මේ ප්‍රදේශයේ අයට විතරක් රු 1000 ක් විතරක් ගෙවා ඩයලොග් ටීවී සම්බන්ධතාවය ලබාගන්න කියා ඇත.
එසේම මේක තියෙන්නේ අද විතරයි ඒ නිසා ඉස්සලාම රු 1000ක් ගෙවා මේ කාඩ් එක ගන්න කියාත්, පස්සේ ඉතිරි 4990 ටික ටික මාස 6 ක් ඇතුළත ගෙවන ලෙස කියා ඇත. Granton මල්ලිලාට අනුව එහි මාසෙට බිල 699 විතරයි. පැය 24 න් ටීවී සම්බන්ධතාවය ගෙදරට සවි කරයි. ටික ටික ගෙවන්න හැකි නිසාත්, බිල 699ක් විතරක් වන නිසාත්, ගෙදර ඇන්ටනාවෙන් චැනල් එතරම් පැහැදිලිව නොපෙනෙන නිසා අතේ තිබුණ රැ 1000ක් ගෙවා යාලුවා කාඩ්පත මිලදීගෙන ඇත්තේ තමන්ගේ හිතට වගේම පොකට් එකටත් ගැලපෙන ක්‍රමයක් වුණ නිසායි.

පහුවදාම ඩයලොග් ආයතනයකට ගොස් ඇති මගේ යාලුවාට එහිදී අසන්නට වෙනම කතාවකි. මේ ඩයලොග් ටීවී සම්බන්ධතාවය ගන්නවා නම් ඉතිරි 4990 මුදල එකවර ගෙවිය යුතු බව ඩයලොග් ආයතනයෙන් පවසා ඇත. එසේම දවස් 3ක් ඇතුළත ටීවී සම්බන්ධතාවය සවිකරන බවත්, මාසික බිල රු. 890 (බදු සමග) වන බවත් කියා ඇත. මෙය ඇසුනු යාලුවාට හීන් දාඩිය දැම්මේය. Granton මල්ලිලා තමාට පොල්ලක් තබා ඇති බව තේරැම් යන්නට වැඩි කාලයක් ගතවුණේ නැත. කාඩ් එකේ ලියාදුන් ඔහුගේ මොබයිලයට කතාකරත් එය විසන්ධි කර තිබිණි.

යාලුවාගේ ඒ කතාවත් එක්ක මට කියන්න ඕනවුණේ වෙළෙන්දාගේ අරමුණ ලාභ ලැබීම වුවත් තමන්ගේ මාර්කටින් හරි විදියට කරනවානම් ඒක හැමදෙනාගේම යහපතට සුබදායකයි. වෙළෙදපළ ගැන දැනුම අඩු අහිංසක මිනිසුන් රවටා කරන මෙවැනි මාර්කටින් කිසිසේත් අනුමත කළ නොහැක.

ඔයාලගේ ගෙදරටත් Granton කාඩ් අරන් ආවොත් හොදට විස්තර හොයලා බලලා ගන්ඩ.

අමිල පෙරේරා