”Hiru news” දුටු – නොදුටු කොස් රංජිගේ දරු සෙනෙහස…..

0
87

හිරු පුවත් විකාශය තුලින් පසුගිය දිනක අපුරු පුවතක් වාර්ථා කර තිබුණා. ඒ බිමතින් දරුවෙකු කුඩුවක් මත තබාගෙන යන  අයුරුය.
ඒ ගැන උනන්දුවි තිබුණු හිරු ප්‍රේක්ෂකයෙකු මේ දර්ශන කැමරාවක සටහන් කොට හිරු පුවත් වෙත ලබා දිතිබුණි.
ඒ දර්ශන පෙලට අනුව මේ තාත්තා සිටින්නේ බිමතින්ය.
ඒ නිසාම ඒ ගැන  සංවේදි සැලකිය යුතු පිරිසක් මේ තාත්තාට එරෙහිව පෙළ ගැසෙති.අවසානයේදි පොලිසිය මැදිහත්ව තිබේ.
ඒ දර්ශන පෙළට අනුව මේ පියාගේ පාපැදිය පාර අද්දර පෙරළා දමා තිබුණි.
අතමෙකු එයට හානි කරන්නට ද ඇත.

දැන් අපට කිමට කථාවක් ඇත.මේ සිදුවිමේ සිටින බිමත් තාත්තා නමින් රංජිය අප පමණක් නොව බොහෝ දෙනා ඔහු හදුන්වනු ලබන්නේ කොස් රංජි ලෙසිනි.
බිමතින් දරුවා සිය යතුරු පැදියේ තබාගෙන යාමට රංජි විසින් කටයුතු කිරිම කිසි සෙත් අනුමත  නොකරන අප ට කිමට එක් දෙයක් ඇත.
එනම් හිරු පුවත් සහ මේ දර්ශන පෙළ විඩියෝ ගත කළ අය විසින් දැක තිබුනේ කොස් රංජිගේ ජිවිතයේ  පැය භාගයක පමණ ජවනිකාවකි. එයට අනුව කොස් රංජි යනු දරුවාට අනතුරේ හෙළන පියෙකි.
එහෙත් ඔහුගේ ජිවිතයේ වැඩි පැය ගණනක් ගැන දන්නා අය පමණක් කොස් රංජි මේ දරුවා  අතර ඇති ගැඹුරු පියපුතු සෙනහෙස ගැන දනිති.
අපගේ මේ පසු සටහන ඒ වෙනුවෙනි.
කොස් රංජි පිළිබද ව මුලින්ම මාධ්‍යක ලියවුන කෙටි සටහන යළිත් පළකරන්නෙමු.
ඒ කොස් රංජිට එරෙහිව එදා 18 කණුව අසලදි අවිඅමෝරාගත් සියළු දෙනා වෙනුවනෙි.

 

තාලයට  මෙන් මහහඩින් ශබ්ද නගා කිරි කොස් ……පොලොස් යැයි කියමින් ගෙවල් ඉස්සහරින් යන හඩක් ඇසි ඒ කව්දැයි බලන්නට මම එලියට පැමිණියෙමි.
සිතු ලෙසටම ඔහු ට ඇත්තේ වෙනස්ම පෙනුමකි. කොන්ඩය කොටසක් තඹ කර ඔහුටම අවේනික අයුරකින් සකසා ඇත.
පාපැදියද ඔහුගේ කිරිකොස් පොලොස් විකිනිමේ රැකියාවට ඔබින අයුරින් ඔහු විසින් පිටුපස මෙන්ම ඉදිරි පසටද පෙට්ටි සකසා තිබුණි.ඔහුෙග් විලාසිතාවට ම කොණ්ඩය සකසා ඇති අවුරුදු 2 ක පමණ පිරිමි දරැෙවක්ද ඔහුගේ මේ සුකුරුත්තන් පාපැදියේ මතය.
”මම එන්නේ සීදුවේ ඉදන් මහත්තයෝ අද විකුණගන්න තරම් කොස් හම්බවුනේ නැ ඒ හින්ද පොඩිඑකාව දාල එන තැනට  රු 200 ක් දෙන්න විදියක් නෑ.ඒ හින්ද තමයි අව්වේ උනත් අද මේ බයිසිකලේ තියාගෙන ආවේ.
මම කොස් විකුණන එකට කැමති නෑ කියල ගෑණි දාල ගියා.එදා ඉදන් මම සිදුවේ කාමරයක් අරන් දරුවත් එක්ක ඉන්නවා.”
කොස් රංජි තම රාජකාරිය අරඹන්නේ අලුයම 5 ටය.
”කලින් දවසේ සිය බයිසිකලෙන් ගිහින් කොස් එකතුකරගෙන ඇවිත්   දරුවාව බලාගන්න ගෙදර ඉන්න අයට දෙනව. එයාල රැ තිස්සේ කපල ලැස්තිකරල තියෙනවා මම පහුවදා උදේ 5 ට ගිහින් දරුවවත් තියල කොස් අරන් විකුණන්න යනවා.සීදුවේ ඉදන් මීගමුවේ වටේ ගිහින් තමයි මේ එන්නේ.
මම හිතන්නේ මම විතරයි බයිසිකලයකින් කොස් විකුණන්න යන්නේ දෙල් කාරයෝ නම් ඉන්නව මම දැකල තියෙනවා ඒත් කොස්කාරයෝ නම් නෑ.”
http://www.meepura.com/stories/%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A-%E0%B6%BB%E0%B6%82%E0%B6%A2%E0%B7%92kos-raniji-3kos-ranji-4

දරුවන්ට හොදම රැකවරණය ලැබෙන්නේ මව්පියන්ගෙන්. නමුත්, ඇතැම් මව්පියන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුකරන ඇතැම් ක්‍රියා දරුවන් අනාරක්ෂිතභාවයට පත් කරනවා. මේ ඊට කදිම නිදසුනක්. මේ දර්ශන පෙළ හිරු ප්‍රේක්ෂකයෙකුගේ කැමරාවේ සටහන් වන්නේ කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ මීගමුව – 18 කණුව ප්‍රදේශයේදී.  සිය දරුවා පාපැදියේ පිටුපස දැල් කූඩුවක් මත දමා ගෙන යන ඔහුගේ පියා සිටින්නේ දැඩි සේ බීමතින්. දරුවා සිටි අනාරක්ෂිත බව සැළකිල්ලට ගෙන  18 කණුව ආරක්ෂක මුර පොළේ සිටි ගුවන් හමුදා නිලධාරීන්  මැදිහත් වී පාපැදිකරුගේ ගමන වැළැක්වීමට උත්සාහ ගත්තා. මේ සිද්ධියෙන් පසුව කටුනායක පොලීසිය මැදිහත්වී මේ දරුවා මුහුණදී සිටි අනාරක්ෂිත බවින් මුදාගැනීමට කටයුතු කළා. ඒ වනවිටත් ‍දරුවා සිටියේ දැඩි තැති ගැම්මකට ලක්වයි.මෙම සිදුවීම හිරු ප්‍රේක්ෂකයා විසින්ම ජාතික ළමා රක්ෂණ අධිකාරියට දැනුම් දීමට කටයුතු කර තිබුණා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ද ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ අනෝමා දිසානායක මහත්මියගෙන් විමසීමක් කළා. ඇය පැවසුවේ මේ සම්බන්ධයෙන් තමන්ට යමක් පැවසිය නොහැකි බවයි. කෙසේ වෙතත්, කටුනායක පොලීසිය මැදිහත්වී පියාට දැඩි සේ අවවාද කොට, ළමයා ඔහු වෙත භාර දී පියවර ගත්තා.

උපුටා ගැනිම www.hirunews.lk