ආණ්ඩුව කොරෝනා වලේ වැටී දඟලද්දී , පාරේ ඇති වලවල් ගැන කුමන කතාද?….

0
281

කටාන පාරේ තිඹිරිගස් කටුව පාරේ සිරිධම්ම රතන විහාරස්ථානයට යන පාරේ ආරම්භක ස්ථානයේ පාර ගිලා බැසිම නිසා වලක් නිර්මාණය වි ඇත.
මාස දෙකක පමණ කාලයක සිට පවත්නා මෙම අනතුරුදායක වල ඉබේ හැදුන එකක් නොවන බවත් , මේ අසලම ඇති එක්තරා ව්‍යාපාරික බරවාහනයක් නිසා සිදුවු දෙයක් බවත් අවට ප්‍රදේශවාසින් පවසති.එම බර වාහනයේ සිමෙන්ති කොට්ට 600 ක පමණ ප්‍රමාණයක් පටවාගෙන මෙම ස්ථානයෙන් ගමන් කරන අවස්ථාවේ පාර මෙසේ ගිලා බැස ඇති බව ඔවුන් තවදුරටත් පවසයි.කෙසේ නමුත් විශාල අනතුරකට මෙම වල ප්‍රමාණවත් බව මෙය දකින විට පැහැදිලිය

එසේම මෙම අනතුරු දායක වල නිර්මාණය කළ ඉහතකී ව්‍යාපාරික ආයතනයද මේ පිළිබඳව කිසිවක් සිදුනොවූ ආකාරයෙන් සිටිති. ඒනිසා ප්‍රදේශවාසීන් පවසන්නේ තව දින කිහිපයක් බලා, ඔවුන් මෙම ව්‍යාපාරික ආයතනයේ නිලධාරීන් හමුවී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අදහස් කරන බවයි.
සැම්සන් ඥනසිරි