I Want To Touch A Dog

0
124

10425452_10152423635078587_2676581509275331338_nඊයේ (ඔක්තෝබර් 19)  උදෑසන  මැලේසියාවේ උත්තම  ප්‍රෙද්ශයේ සෙන්ට්‍රල් පාක් නමැති උද්‍යානයේදී  සුනඛයින් සමග ක්‍රීඩා කිරීමට හා සතුටු වීමට පැය දෙකක  කාලයක අපූරු උත්සවයක් සංවිධානය කර තිබුණි.   මෙම උත්සවය I Want To Touch A Dog ලෙස නම්කර තිබුණි. මේ සම්බන්ධයෙන් http://www.therakyatpost.com හි වාර්තා කර තිබුණ අතර තවත් බොහෝ ෆේස්බුක් පිටු වලද සටහන් කර තිබුණි.
මෙම අවස්ථාව උදෑසන  8.00 සිට 10 දක්වා පැවැත්වූ අතර මෙය මැලේසියාවේ සියලූම ජාතීන්ට මෙන්ම සියලූම ආගමිකයන්ට විවෘත අවස්ථාවක් කර තිබුණි. බොහෝ අය තුළ  සුනඛයින් ට ඇති බිය නැතිවීමට මෙම  අවස්ථාව ඉවහල් වූ බව  සහභාගී වූවන් ප්‍රතිචාර මගින් දක්වා ඇත.
මැලේ මුස්ලිම් ජාතිකයන් රාශියක් සහභාගී වූ මෙම අවස්ථාවට ඔවුන්ගේ ආගමික චාරිත්‍ර වලට පහසු වන ආකාරයට සියලු පිරිසිදුවීමේ පහසුකම් ද සලසා තිබුණි.
මෙම උත්සවයට පුද්ගලයන් 1000 ක් පමණ සහභාගී වී සිටි  බව එහි සවිධාකයන් පවසති. සුනඛයින් සමග සුන්දර මොහොතක් ගතකරන්නට ලැබීම ගැන මෙහි පැමිණි  බොහෝ දෙනා සංවිධාකයන්ට ප්‍රශංසා කළ අතර , මෙම අවස්ථාව අහිමි වූ බොහෝ දෙනා ඒ පිළිබඳව ඔවුන්ගේ කණගාටුව පළකර තිබුණි. මේ පිළිබඳව මෙම උත්සවය සංවිධානය කළ අයගේ ෆේස් බුක් පිටුවේ පළකර ඇත. එමෙන්ම මැලේ  මුස්ලිම් ජනතාව ජීවත්වන පරිසරයක මෙවැනි උත්සවයක් සාර්ථකව පැවැත්වීම අපූරු අභියෝගයකි. වැඩිදුර තොරතුරු – https://www.facebook.com/events/263969620480414/?ref_newsfeed_story_type=regular