අයි. සී. සී.ආයතනය අනුග්‍රහය ඇතිව සංවිධානය කළ ලෝක කුසලාන තරගාවලියකට සමගාමිව පවත්වනු ලැබූ ලොතරැයි දිනුම් ඇදී මගින් ජංගම දුරකථන අංකවලට අනුව ජනප්‍රිය රංගන ශිල්පියාට ඇමරිකානු ඩොලර් 85000 ඇදී ඇති බව පවසා පානදුරප්‍රදේශයේ ප්‍රධාන බැංකු 4කින් රුපියල් ලක්‍ෂ දොළහකට අධික මුදලක් තැන්පත් කරවාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
ජනප්‍රිය ටෙලි නාට්‍ය සහ රංග ශිල්පියාගේ පැමිණිල්ල මත විමර්ශන සිදුකර සිද්ධියට අදාළව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර පැමිණිලිකරු විසින් මුදල් තැන්පත් සම්බන්ධයෙන් අදාළ බැංකු හතරෙන් වාර්තාවක් ලබාගත් බව අපරාධ විමර්ශන නිළධාරිහු පවසති.
එම වාර්තාවට අනුව හංවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැකුවක ගිණුමක් සම්බන්ධයෙන් වූ වාර්තාව අනුව එම ගිණුම් හිමියා කොස්ගම අකරවිට ප්‍රදේශයේ පදිංචි අයෙකු බව තහවුරු කරගත් බව පානදුර කොට්ඨාශ අපරධ හා වාචා විමර්ශන අංශය මේ වන දැනුම් දි තිබේ.
සැකකරු මේ අයුරින් දිවයිනේ විවිධ ප්‍රදේශවල අපරාධ සහ වංචා සිදු කර ඇත්දැයි විමර්ශන සිදු කරන බවත්, පානදුර අධිකරණයට බදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් පොලීසිය සඳහන් කර ඇත.
මුලාශ්‍රය-newswire.lk