IDH රෝහලෙන් පැනගිය ආසාදිතයා යළි කන්දකාඩුවට

0
108

kandakadu_1-697x394

අයි.ඩී.එච් රෝහලෙන් පැන ගොස් සිටියදී හමුදා බාරයට ගත් කොවිඩ් ආසාදිතයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටි රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසු බව අද දෙරණ වාර්ථා කොට තිබේ.

පසුගිය 24 වන දා අලුයම අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලා ගිය කොවිඩ් නයින්ටීන් ආසාදිතයා පැය 8කට පසු කොළඹ ජාතික රෝහල අසළදී සෞඛ්‍ය හා ආරක්ෂක අංශ භාරයට පත්විය.

ත්‍රිකුණාමලය වල්ලිමලර් හි පදිංචි මොහොමඩ් කාසීම් මොහොමඩ් නසීම් නැමැති ඔහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි පුද්ගලයෙකි.

අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව කාසිම් පසුගිය මැයි මස 12 වැනි දා කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබුණි.

එහිදී කළ PCR පරීක්ෂණවලදි ඔහුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනීමත් සමඟ පසුගිය 9 වැනි දා වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබුණි.

පසුව තවත් රෝග කිහිපයකින් පෙළුණු මෙම ආසාදිතයා පසුගිය 12 වැනි දා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබුණි.
අද දෙරණ