‘IMF එකට යා යුතු ම යි’ – බැසිල්වාදී නිමල් ලාන්සා කියයි

0
49

කොවිඩ් වසංගතය නිසා ඇතිවූ ආර්ථික අභියෝගයන් කළමනාකරණය කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) යා යුතු ම බව රාජ්‍ය අමාත්‍ය නිමල්

ලාන්සා පවසයි.

දැඩි බැසිල්වාදියකු වන ඔහු එබව කියා සිටියේ, ‘අයවැයෙන් වැඩ ලක්ෂයක්’ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ රාගම, වැලිසර, මූලගන්දකුටි පිරිවෙන් විහාරස්ථානයේ සංඝාවාසය ඇතුළු තෙමහල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු කෙරවලපිටිය සුමේධ නාහිමිපාණන් වහනසේගේ අනුශාසනය පරිදි ඊයේ (03) දින එම විහාරස්ථානයේදී ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

”අපිට මේ අවස්ථාවේ ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. රටවල් මේ වගේ ගැටලුවලට මුහුණ දෙන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල උපදේශනය, ආධාර, අරමුදල්, ණය ආධාර ලබා දෙනවා. මගේ මතය මෙම ගැටලු කළමනාකරණය කර ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාම ඉතා හොඳයි කියලා. කොවිඩ් නිසා ලෝකයේ සෑම රටකම ආර්ථික අර්බුද ඇති වුනා. ඒ නිසා ණය සේවා කළමනාකරණය කළ යුතුයි. ලෝකයම මේ සඳහා යොමුවෙලා තියෙනවා. ඒ නිසා මෙය සිදු කළ යුතුයි. ” යයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා එහිදී පැවසිය.

පෙබරවාරි 2 වෙනිදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂඥ උපදෙස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ වනවිට ඉල්ලා ඇති බවයි.

රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලකට රජය එකඟ බව පෙබරවාරි 2 වෙනිදා කැබිනට් ප්‍රකාශක ආචාර්ය රමේෂ් පතිරණ ද  ප්‍රකාශ කර තිබිණ.

පෙබරවාරි 3 වෙනිදා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙය සමාන්‍ය තාක්ෂණික ආධාර වැඩසටහනක් බවයි.

anc 9

මේ අතර එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දිනුක් කොළඹගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කරන්නැයි ඉල්ලීමක් කර සිටියේය.
theleader.lk