ITN නාලිකාව තරුණයන් 500 ක් එක්ක ඩෙංගු මඩින්න 29 වනදා මීගමුවට !

0
59

ITN event 1අධිවසංගත තත්වයකට පත්ව ඇති මීගමුවේ ඩෙංගු මඩින්න ජනතාව දැනුවත් කිරිම සදහා ස්වාධින රූපවාහිනි නාලිකාව ආරම්භ කර ඇති ජාතික වැඩසටහනේ මෙවර අවධානය යොමුව ඇත්තේ මීගමුව වෙතය.
මේ සදහා තරුණ සේවා සභාවේ මුලිකත්වයෙන් තරුණ තරුණියන් 500 ක් එක්විමට නියමිතව ඇත.
මේ බැව් වාර්ථා වුයේ අද මේ ගැන  පැවැති විශේෂ සාකච්ජාවකදිය.
මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවැති මෙම රැස්විම සදහා ස්වාධින රුපවාහිනි නාලිකාවේ ප්‍රධාන නිලධාරින් ,ප්‍රාදේශිය ලේකම් තුමන්.ජේෂ්ඨ පොලිස් අධිකාරිතුමන් ඇතුලු පොලිස් උසස් නිළධාරින් ,බස්නාහිර පළාත් සභා මන්ත්‍රි සහ මීගමුව සංවර්ධන කමිටුවේ සමසභාපති රොයිස් විජිත එක්ව සිටියහ.
මේ අනුව ජුලි 29 වන සෙනසුරාදා උදේ 8.30 මීගමුව සරත් චන්ද්‍ර ගුණරත්න ක්‍රිඩාංගනයෙන් ආරම්භවිමට නියමිතය.