ITN සැටඩේ නයිට් මූවී : ‘කෝල් ඔෆ් ද වයිල්ඩ්’ අගෝ. 27 සෙනසුරාදා

0
350

අයිටීඑන් නාලිකාව විසින් ඉදිරිපත් කරන සැටඩේ නයිට් මූවී වැඩසටහන යටතේ අගෝස්තු 27 වන සෙනසුරාදා ප්‍රදර්ශනය වන්නේ ‘කෝල් ඔෆ් ද වයිල්ඩ්

’ (Call Of The Wild) නම් චිත්‍රපටයයි.

ජැක් ලන්ඩන් (Jack London)

 

ජැක් ලන්ඩන් (Jack London) නම් නවකතාකරුවා  ‘කෝල් ඔෆ් ද වයිල්ඩ්’  (Call Of The Wild) යනුවෙන් රචනා කරන කතා වස්තුව ගෙතෙන්නේ සුනඛයෙකු වටාය. නමුත්, මෙම කතාව කිසිසේත්ම එක්තරා සුනඛයෙකුගෙ කතා වස්තුවක් නොවේ. මේ නවකතාව රොබින්සන් කෲසෝ සහ ගලිවර්ස් ට්‍රැවල්ස් වැනි නවකතා ගණයට ගැනෙන ජනප්‍රවාදගත කතාවකි.

මේ නවකතාවට ප්‍රස්තුත වන සුනඛයා “බක්” හැදී වැඩෙන්නේ එක්තරා විනිශ්චයකාරයෙකු ළඟය. විනිශ්චයකාරවරයාගේ පවුලේ එම නිවසේ සිත් ගත් සුරතලා ලෙස ‘බක්’ ග්වන්නේ ඉතා සැප පහසු ජීවිතයකි.  මෙසේ මේ නිවසේ හැම තැන දුව පැන ඇවිදමින් සිටි “බක්” දුෂ්ඨ ගැහැණියක විසින් පැහැර ගෙන ගොස් මිනිසුන් කණ්ඩායමකට අලෙවිකරනු ලබයි.

ජැක් ලන්ඩන්ගේ මෙම නවකතාව ඇසුරු කර ගෙන ක්‍රිස් සැන්ඩර්ස් (Chris Sanders ) විසින් 2020 වසරේදී ‘කෝල් ඔෆ් ද වයිල්ඩ්’ නම් චිත්‍රපටය නිර්මාණය කරයි.

 

මෙම සිනමාපටය විසින් විදාරණය කරන්නේ ෆ්‍රොයිඩියානු ‘ඉඩ්’ සංස්කාරකයේ සැඟවගත් මිනිස් සිතෙහි අඳුරු කලාපයයි. සුනඛයෙකු ප්‍රධාන චරිතය බවට පත්වූ මෙම චිත්‍රපටයේ නවකතාවට ආවේණික වූ දෘෂ්ටාන්තමය ලක්ෂණ රැකගෙන තිබේ. මෙම සිනමා පටය ග්ඩ නැගීමේදී තිර රචකයා විසින් යම් යම් වෙනස් කම් සිදු කොට තිබුණත්, එම වෙනස්කම් සිදු කොට තිබුණේ මෙම කතා පුවතේ ඇති මානුෂික ස්වරූපය තීව්‍ර වන ආකාරයටය.

මෙම වෘත්තාන්තය තුළ ඔවුන් ‘බක්’ නමැති සුනඛයා යම් යම් මෙහෙවර සඳහා යොදා ගන්නා ආකාරය මගින් මනුෂ්‍ය වර්ගයා තුළ ඇති දුෂ්ඨ භාවය සහ නිමක් නැති ආශාවේ ස්වරූපයවිදාරණය කරයි. එක්තරා ආකාරයකට ‘බක්’ අලෙවි කරනු ලබන්නේ වහලෙකු හැටියටය. නමුත්, ‘බක්’ නමැති මේ සුනඛ වහලා හම අයිතිවාසිකම් දිනා ගැනීමට සටන් කරමින්, තමාගේ කණ්ඩායමෙහි නායකත්වයට පත්වීමට තමා සුදුස්සෙකු බවට තමා විසින්ම ඔප්පු කරනු ලැබේ.

මෙම වෘත්තන්තයේ අවසානය සලකුණු කරන්නේ ‘බක්’ ශිෂ්ටාචාරයට පිටුපා වනාන්තර ගත වීමෙනි. චිත්‍රපටයේ කෘතහස්ත කතා වින්‍යාසය (plot) තුළ ‘බක්’ තමාගේ පරම්පරාගත කාලවර්ණ වූ අවතාරයක මග පෙන්වීම ලබමින් ඉදිරියටම ගමන් කරයි.

මෙම කතාවේ සිත්ගන්නා සුළු හැරවුම එන්නේ ‘බක්’ විසින් තමා ඇසුරු කරන මනුෂ්‍ය සගයින්ට වඩා වනචාරී වෘකයන් සමගත් අනන්‍ය වීමට පටන් ගැනීමෙනි.

රත්‍රන් සොයා යන මිනිසුන්ගේ හිම කරත්ත වලට අනුගත වීමට උගෙන ගත් තරම්ම වේගයෙන් මනුෂ්‍ය නොවන ලෝකය සමග ගණු දෙනු කිරීමට අනුගත වෙයි. ඇත්තටම එය අනුගත වීමකට වඩා එම වීර චාරිකාව අවසානයේ තම සැබෑ ආත්මීය ස්වරූපය හඳුනා ගැනීමකි.

සියවසකටත් වඩා වැඩි කාලයක් තිස්සේ මෙම නවකතාව අපගේ සිත් අලවන කතාවක් වී තිබුණේ මෙන්න මේ තේමාව නිසා විය හැකිය.

ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන් නාලිකාවක මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එය පියෝ ටීවී නාලිකා අංක 303 ඔස්සේ විකාශය වන අයිටීඑන් එච්ඩී නාලිකාව තුළින් ද නැරඹිය හැකිය.

theleader.lk