ITN මඩ ප්‍රචාරවලට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ජාවක් …

0
179

ලංකාවේ පිරිහිම කොතරම් දැයි මැනගැනිමට මිණුම් දණ්ඩක් ලෙසින් ගුවන් විදුලියේ හඩ්සන් සමරසිංහගේ වැඩ සටහන සහ ස්වාධින රූපවාහිනියේ ප්‍රවෘත්ති සහ මහින්ද අබේසුන්දරගේ විමසුම වැඩ සටහන නැරඹිම ප්‍රමාණවත් බව 2013 ජුලි 17 වනදා කොළඹ ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශාලවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ප්‍රකට ලේඛක ගාමිණි වියන්ගොඩ  මහතා අවධාරණය කර සිටියේය.
ස්වාධින රූපවාහිනයේ මඩ ප්‍රවෘත්ති ප්‍රචාරයන්ට එරෙහිව ඊයේ ITN mada කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී වික්ටර් අයිවන්,ධර්මසිරි බණ්ඩාරනායක,සරත් විජේසූරිය,ගාමිණි වියන්ගොඩ,නිර්මාල් රංජිත්  සහ කුසල් පෙරේරා අදහස් දැක්වූ අතර පරාක්‍රම නිරිඇල්ල විසින් එවා තීබූ විශේෂ ප්‍රකාශයක්ද එහිදී මාධ්‍යයට ඉදිරිපත් කරන ලදී.
ගාමිණි වියන්ගොඩ මහතා ද මෙහිදී අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටියේ   ඉගිල්ලෙන මාලුවෝ චිත්‍රපටයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය.  එසේ වුවද එවැනි චිත්‍රපටයක් කිරීමට ඇති අයිතිය වෙනුවෙන් තමන් එකහෙළා පෙනී සිටින බවද අවධාරණය කළේය.
සාකච්ජා සභාවෙ අවසනයේදි අදහස් දැක්වු ලේඛක ජයතිලක කම්මැල්ලවිර මහතා පවසා සිටියේ අම්පාරේදි පවත්වන්නට ගිය රැස්විමක් සම්බන්ධයෙන් දැනට ITN එක විසින් ගෙන මඩ ප්‍රචාරය ගැනද මේ සභාවේ අවධානය යොමුවිය යුතුව තිබුණ බවය.

ඡායා- සමබිම අනුග්‍රහයෙනි.