ITN එක සිවිල් සමාජයට එරෙහිව පච මෙහෙයුම අරඹයි.

0
87

brito2013 ඔක් 29 වනදා පෙරවරුවේ  ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ පැවැති සිවිල් සමාජ ක්‍රියාධරයන්ගේ රැස්විමකට සහභාගිවන්නට ගිය සිවිල් ක්‍රියාකාරින් පිරිසක්ව ස්වාධීන රූපවාහිනිය විසින් සැඟව සිට විඩියෝ ගතකර ඔවුන් එරෙහිව මඩ ප්‍රහාරයක් සිය නාලිකාව මගින් දියත් කර ඇත.
ඊයේ රාත්‍රියේ ස්වාධින රූපවාහිනිය විසින් රාත්‍රි 7 ට සහ 9.30 ට ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙසින් විකාශනය කරමින් එකි රැස්වවීම පොදු රද මඩුල්ලේ රැස්වීම පවතින සමයේ රජය අපහසුතාවට පත්කිරිම සදහා ඩයස්පෝරාවේ මුදල් ගන්නා  එන්.ජි.ඕ පිරිසක් කටයුතු කරගෙන යමින් සිටින බව  බව පවසා ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මෙම සාකච්ජාවට සහභාගි වු අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ඊයේ ස්වාධින රූපවාහිනිය විසින් විසුරුවා හරින ලද ඒ වෛරි සාවද්‍ය පුවත නිවරදි නොකරන්නේ නම් ඒ සදහා නීති මගින් කටයුතු කිරිමට පියවර ගන්නා බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here