ITN මහේෂ්ගේ වැඩ තහනම් කරයි.

0
55

Mahesh_Senanayake

ස්වාධීන රුපවාහිනි සේවයේ මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහතාගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තා වේ. වසර 17 කට අධික කාලයක් ස්වාධීන රුපවාහිනී සේවයේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළේය.

මේ පිළිබඳව මහේෂ් සේනානායක මාධ්‍යවේදියා සඳහන් කර ඇත්තේ, එම නාලිකාවේ ප්‍රධානියෙකු දුරකතනයෙන් කතා කොට වැඩ තහනම් කළ බවත් එනිසා යලිත් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බව දැනුම්දුන් බවය.මෙසේ මහේෂ් සේනානායක මාධ්‍යවේදියාගේ වැඩ තහනම් කිරීමේ හේතුව ලෙස ලෙස බලධාරීන් දැනුම් දී ඇත්තේ පසුගිය සඳුදා උදෑසන වැඩසටහනේදී නව මහ බැංකු අධිපතිවරයාගේ නම වැරදියට සඳහන් කිරීමය.නමුත් මහේෂ් මහතා සඳහන් කර සිටින්නේ තමා අතින් නව මහ බැංකු අධිපතිවරයාගේ නම වැරදියට සඳහන් වූ නමුත් පසුව තමන් එය නිවැරදි කළ බවය.

මීට පෙර ද 2015 ජනාධිපතිවරණ සමයේ දී එවකට විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව රාජපක්ෂ රෙජීමය සකස් කළ මඩ පෝස්ටර් තොගයක් නීතිය අතට පත්කළ වරදට සේවය අහිමි කර තිබිණි.

 

http://sathhanda.lk