”JUDIAN BREEZE 2017 සහ ජූඩියන්”- මාපියන්ගේ අඳෝනා !

0
189

මීගමුව කුරණ සාන්ත ජූඩ්  පාසලේ කතෝලික පියවරුන්ගේ පාලනයකින් සමන්විත පුද්ගලික පාසලක් ලෙස පැවැත්වෙයි. මෙම පාසලේ අධ්‍යාපනය ලබන්නේ වැඩිපුරම මීගමුව හා අවට දරුවන් වන අතර පාසල් වාරිකය රු ලෙස 5000ක් අයකරනු ලබයි.  හෙට ( සැප්තැම්බර් 23 ) පාසලට අරමුදල් ගොඩනැගීම පිණිස ‘ ජූඩියන්  බ්‍රීස් 2017 ‘ නමින් විශාල සංගීත සංදර්ශනයක්  එම පාසල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.
මෙම සංගීත සංදර්ශනය පැවැත්වෙන්නේ පාසලට නව ගොඩනැගිල්ලක් තැනීම වෙනුවෙන් අරමුදල් රැස්කරගැනීමට බව දෙමාපියන් පවසති. මෙම සංගීත සංදර්ශනයේ ටිකට් පතක් රු 2000ක් වන බවත් පාසලේ එක සිසුවෙකුට ටිකට් පත් 5ක් අළෙවි කිරීමට බාරදි ඇති බවත් මීපුර වෙබ් අඩවිය හා කතාකළ එක් දෙමාපියෙක් පවසන ලදි.
ටිකට්පත් 4ක් විකුණුවහොත් එක ටිකට් එකක් පවුලට නොමිළේ ලැඛෙන අතර අනෙක් ටිකට් 4 ම විකුණා රු 8000ක් එක් සිසුවෙකු විසින් පාසලට බාර දිය යුතුය. මේ පාසල් සංවර්ධනය සදහා අරමුදල් රැස් කළ පළමු අවස්ථාව නොවන බවත්  2016 දෙසැම්බර් මාසයේ දී නව ගොඩනැගිල්ලක් තැනිමට ඉඩමක් ගැනිම වෙනුවෙන් එක් සිසුවෙකුගෙන් රු 10000ක් එකතු කළ බවත් පසුව 2017 මාර්තු මාසයේදී එම ගොඩනැගිල්ල සදහාම සමරු කලාපයක් නිකුත් කිරීමට රු 5000ක වෙළදදැන්වීම් 3ක් එක් දරුවෙකුට බාරදුන් බවත්  දෙමාපියන් පවසා සිටී.
මේ අනුව 2016 දෙසැම්බර් සිට රු  25000 කට වඩා මුදල් ආධාර කරන්නට දෙමාපියන්ට සිදුව තිබීම  අසාධාරණ හා දැරිය නොහැකි වගකීමක් බව ඔවුන් මැසිවිලි නගති.
මෙම ටිකට් පත් හෝ සමරුකලාප දැන්වීම් අළෙවි කිරීමට දරුවන් එළියට යැවිමට අකමැති හා අපහසු දෙමාපියන්ට සිදුවන්නේ ඒවා වල වියදම තමන්ම දැරීමටයි. මෙම ආධාර වලට අමතරව පාසල් වාරිකයත්,එමෙන්ම පාසලේ පැවැත්වෙන විවිධ ප්‍රසංග වලදී ඒවායේ වියදම් දැරිමටද දෙමාපියන්ට සිදුවන අතර මෙම දරුවන් මේවාට අමතරව පුද්ගලික පන්ති වලට යද යැවිමටද සිදුවන බවත් දෙමාපයන් පවසති. මේ ආකාරයට නව ගොඩනැගිල්ලක් සදහා මුදල් රැස්කළත් තවමත් ඒ සදහා ඉඩමක් ලබාගෙන නොමැත.
යම්කිසි හෙයකින්  මෙම ආධාර ලබාදීම අතපසු කළ සිසුවෙකුට පාසල හෝ පන්ති කාමරය තුළදී  කොන්විමට සිදුවන හේතුව  නිසා තමන් අමරුවෙන් හෝ මෙම වියදම් සිදුකරන බවත් දෙමාපියන්  පාසල සංවර්ධනය වීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු ගැටළුවක් නොමැති බවත් මේ අකාරයට ආධාර මුදල් ලබාදිම හමුවේ දෙමාපියන් ලෙස පත්වී ඇති අපහසුතාවය දැරිය නොහැකි නිසා මේ සම්බන්ධයෙන් යම් සහනයක් තමන් බලාපොරොත්තු වන බව අපට කතාකළ දෙමාපියෙක් පවසන ලදි.

9d4a739317149394b642d401819998c7958788946457

Save

Save

Save