KFC පණුවා සහ McDonalds පණුවා ?

0
251

විරවංශට අයත් යැයි කියන C news වෙබ් අඩවිය ජනප්‍රිය එකකි.බහුතරයක් දෙනා ඊට දිනපතා ගොඩවදින බව පෙනේ.
එහෙත් විරවංශ නිතරම පෙනි සිටින සදාචාරයේ  ;තරම ඔහුගේ අනුග්‍රහයෙන් පවත්වාගෙන වෙබ් අඩවියේ කොතෙක් දුරට තිබේදැයි ලෝකෙටම හෙළිකල සිදුවිමක් විය.
එනම් බැදපු කුකුල් මස් කෑල්ලක සිටි පණුවා පිලිබද C news පුවතයි.
ඒ පණුවා සිටියේ මීගමුවේ පිහිටි KFC අවහන් හලේ බැදපු කුකුල් මස් කෑල්ලකය. එහෙත් C news එකට අනුව ඔවුන් ඒ පුවත පළකර තිබුණේ එකි සිදුවිම මැක්ඩොනල් අවහන් හලේ සිදුවුවක් ලෙසය.
මේ වරදේ බරපතල කම විශේෂ වන්නේ කරුණු කිපයක්ම නිසාය.

1.මීගමුවේ තවමත් මැක්ඩොනල් අවන්හලක් නැත.

2.අදාල පුවතට පළකර තිබුණ ඡායාරූප වල ඉතා පැහැදිලි ලෙසින් එය KFC අවන්හලක් යැයි ලෙහෙසියන්ම තේරුම් ගැනිමට සාධක ගණනාවක් විය.එකි ජයාරූපයේ සිටි සේවකයන් පවා ඇද සිටින්නේ KFC ලාංජනය සහිත ඇදුම්ය. එහි කෝප්පවල පවා එය ඇත.
තතු මෙසේ වුවද වරද තේරුම්ගත් C news වෙබ් අඩවිය අද දිනයේ තමන් ඊයේ පළකරන ලද පුවතටම මැක්ඩොනල් වෙනුවට KFC යන වචනය යොදා වෙනස් කර තිබේ.

ප්‍රශ්ණය ඒ තරම් සරලද?

වෙබ්මාධ්‍ය කලාවට සදාචාරයක් මෙන්ම වෘත්තියභාවයක් ඉතා බරපතල ලෙස අවශ්‍යව ඇති බව මෙම සිදුවිමෙන් තවත් අවධාරණය කර සිටි.
අවම තරමින් ඔවුන් සිදුකර ඇති වරදේ බරපතලකම ගැන සිය පුවත් කියවන පාඨකයාටවත් පැහැදිලි කිරිමක් සිදුකර යුතුව තිබුණි.

කලින්  C news වෙබ් අඩවිය විසින් පළකරන ලද පුවත FB  හරහා බෙදාහැරේ.

කලින් C news වෙබ් අඩවිය විසින් පළකරන ලද පුවත FB හරහා බෙදාහැරේ.

සංස්කරණය ලද පුවත අද   C news අද පළ කර ඇති අන්දම.

සංස්කරණය ලද පුවත අද C news අද පළ කර ඇති අන්දම.

සේවකයා ඇද සිටින කමිසයේ සදහන් වන්නේ KFC කියාය.

සේවකයා ඇද සිටින කමිසයේ සදහන් වන්නේ KFC කියාය.

කෝප්පයේ ඇත්තේද KFC සලකුණය

කෝප්පයේ ඇත්තේද KFC සලකුණය

c news boru 3