lock down නීතිය ඉවත් කළ දුන්ගාල්පිටිය පොලිස් වසමෙන් අද ආසාදිතයන් 9 ක් ?

0
77

( 8.45 pm ) කොරෝනා පැතිර යාම නිවරදි ලෙසින් පාලනය කිරිම අරභයා රජය සැබැවින්ම විධිමත් ප්‍රවේශයකින් කටයුතු කරගෙන යමින් සිටින්නේද යන ගැටළුව දිගින් දිගටම මතුවෙමින් තිබේ.
විටෙක් සැබැවින්ම සිතෙන්නේ මේ ඇතැම් තීරණ පිස්සට හැතැම්ම නැති වු විට ගන්නා ඒවා වැනි යැයි කියාය.
මීගමුවට  පසුගිය කාලය තුල වැඩිම බලපෑම එල්ල වි තිබුනේ පෑලියගොඩ මාළු වෙළඳ පල කේන්ද්‍රකොට ගෙනය.
මේ පිරිසෙන් සැලකිය යුතු බහුතරයක්  හඳුනාගෙන තිබුනේ තලාහේන පේරුවෙනි.එනම් දුන්ගාල්පිටිය පොලිස් වසමෙනි.
පසුගිය දින කිපයේදිම ආසදිතයන් මේ ප්‍රදේශයනේ හමුවි තිබුණි.
අද දිනයේද 8 දෙනෙකි.
තතු එසේව තිබිදි හුදකලා කරන ලද පොලිස් වසම් 24 ට දුන්ගාල්පිටිය අයත්ව තිබුනේ නැත.
එහෙත් කලින් අවස්ථාවේදි නම් ලයිස්තු ගතව නොතිබුනද දුන්ගාල්පිටිය පොලිස් වසම තුලද හුදකලා නිතිය ක්‍රියාත්මක කිරිමට පොලිසිය කටයුතු කර තිබුණි.
එහෙත් පසුගිය සදුදායින් ඇරඹුන් අලුත් පොලිස් වසම් ලයිස්තුව තුලද දුන්ගාල්පිටිය නොතිබුනා පමණක් නොව මේ වන විට එය හුදුකලා  ඉවත් කොට තිබේ.
එහෙත් තවදුරටත් දිනපතා ආසාදිතයන් මේ කලාපයෙන් හමුවෙමින් තිබේ.
ඒ අනුව බලන කළ පොලිස් වසම් තුල හුදකලා නිතිය ඉවත් කිරිමට අදාලව පාදක කොට ගනු ලබන නිර්ණායකන් මොනවාදැයි ඇත්තටම ගැටළු සහගතය.