M I M බයිට්

0
996
20140307_105903 EW
මොහොමඩ් ඉල්ලියාස් මහතා

මීගමුව බාල්දි හන්දියේ  පිහිටා ඇති මෙම වෙළඳසැල කාගේත් සිත්ගන්නා නෙත් ගන්නා සුලු කඩල කඩයක් ලෙස ප්‍රසිද්ධය. මීගමුවේ වෙසෙන සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට අවශ්‍ය අතිරේක ආහාර වර්ගයන් ලෙස ගන්නා  බැඳපු කඩල, රටකජු, කව්පි,කොස්ඇට ,මං‍ඤොක්කා ඇතුළු ආහාර වර්ග මෙන්ම විවිධ පළතුරු වලින් සෑදූ අච්චාරු වර්ග  මෙම අළෙවි සැලේ තිබෙන ප්‍රධාන ආහාරයි.  එයට අමතරව ආහාර සංස්කෘතියට අලුතින් එක්වී ඇති ‘බයිට්‘ ලෙස සැලකෙන තවතත් බැඳුම් , මෙන්ම සිංහලෙන් ‘ කටගැස්ම‘ ලෙස හඳුන්වන ආහාර වලට අයත් වර්ග ද අළෙවි කරයි.  MIM  බයිට් අළෙවිසැලේ හිමිකරු වන මොහමඩ් ඉල්ලියාස් මහත සමග කළ කතාබහක් පහත පළවේ. ඔබ මේ ව්‍යාපාරය ආරම්භ කළේ කොහොමද? 1990 ඉදල කොළඹ කරගෙන ගියා, ඊට පස්සේ මීගමුවට ආවා. මීගමුවේ 1998 – 1999 වගේ වෙනකම් හිටියා. ඊට පස්සේ මගේ බිරිදටයි මටයි අසනීප වුනා. ව්‍යපාරය  කරගන්න බැරි වුණා. පස්සේ මේ ඔක්කොම විකුණලා මම ගමට ගියා. එහේ හෝටලක වැඩකරා. එහෙම ඉන්නකොට මගේ පුතාට අසනීප වුණා. එයාට  ෆිට් එක හැදෙන්ඩ පටන් ගත්තා. අවුරුදු 6ක් විතර බෙහෙත් කළා.  ඊට පස්සේ තමයි මගේ යාලුවෙක් වන මීගමුව මුස්ලිම් හෝටලයේ මොහොමඩ්  මහතා ඇවිත් මට උදව් කළේ මේ ව්‍යාපාරය පටන්ගන්ඩ. මගේ සහෝදරයෙක් වගේ එයා මට ඒ වෙලාවේ උදව් කළා. එහෙම තමා මේ ව්‍යාපාරය මුලින්ම පටන් ගත්තේ. මෙතන  අළෙවි කරන  ආහාර  අතරින් ඔබම නිෂ්පාදනය කරන ආහාර වර්ග මොනවාද? ගොඩක්ම  බයිට් වර්ග තමයි හදන්නේ රටකජු මඤ්ඤොක්කා වගේ දේවල් හදනවා. මික්ස්චර් වර්ග සේරමත් මෙතන තියෙනවා. ඒ වගේම අච්චාරුත් හදනවා. වැඩිපුරම විකිණෙන්නේ මොනවද ? කඩල ජාති තමයි ඉතින් වැඩිපුරම විකිණෙන්නේ. අච්චාරු විකිණෙන්නේ අඩුවෙන්. කාලයෙන් කාලයට විකිණෙන ප්‍රමාණ වෙනස් වෙනවද ? නෑ එහෙම කාලයක් කියන්න බෑ. සමහර දාට හොදට විකිණනවා සමහර දාට අඩුයි. දැන් මේ මාසේ ටිකක් වෙළඳාම අඩුයි. මේකෙන් ලැබෙන ආදායම එහෙම කොහොමද ? කඩේ කුලියයි ගෙවල් කුලියයි ළමයින්ගේ ඉස්කෝලේ වියදනුයි කවරු කරගන්න පුළුවන් මුදලක් ලැබෙනවා. ඔබේ ගම් පළාත එහෙම කොහොම ද? මගේ මුල්ගම අස්වැව -නාගස්තාලාව. පවුලේ තොතරතුරු ? මට දරුවෝ 06 දෙනෙක් ඉන්නවා. එක දුවයි පුතාලා 05 දෙනයි.  එයාලගෙන් පුතාලා දෙන්නෙක් මැදපෙරදිග ගිහින් ඉන්නවා රැකියාවන් කරන්ඩ. අනිත් පුතාලා දෙන්නා මීගමුවි -අල්හිලාල් මහවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. එක්කෙනෙක් 11 වසරේ , අනිත් පුතා විශේෂ දරුවන් සඳහා ලබාදෙන අධ්‍යාපන අංහයේ ඉගෙනුම ලබනවා.     සටහන සහ ඡායා  – මිතිලායා ගමගේ