Main Street එකේ අන්තරාදායක වලවල්

1
78

මීගමුව, එ එකේ අන්තරාදායක වලවල් මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ මීගමුව නගරයේ ජනාකීර්ණ ප‍්‍රධාන මාර්ගයක් වූ මහා විදීයේ ප‍්‍රකට ව්‍යාපාරික ආයතන කිහිපයක් පිහිටි ස්ථානයක ඇති අන්තරාදායක වලවල් කිහිපයකි. මහා විදීය දෙපස තනා ඇති ප‍්‍රධාන කානුව කොන්කී‍්‍රට් ආවරණ වලින් ආවරණය කර ඇතත් මෙම ස්ථානයේ සහ ඊට නුදුරින් ස්ථාන 02 ක මෙම කොන්කී‍්‍රට් ආවරණ දක්නට නොමැත. මෙම ස්ථානයේ ශී‍්‍ර ලංකාවේ සුප‍්‍රකට ඇගඵම් අලෙවි ආයතනයක් සහ යතුරු පැදි සහ අමතර කොටස් අලෙවි කරන වෙළද ආයතනයක්ද එලෙසම සුප‍්‍රකට බීර වර්ගයක් බෙදාහරින නියෝජිත ආයතනයක්ද පිහිටා තිබේ. ඒ නිසා දහවලේ සහ විශේෂයෙන්ම රාතී‍්‍ර කාලයේ දී අසල වූ ව්‍යාපාරික ආයතන වෙත පැමිණෙන පාරිභෝගීකයන්ගේ රථවාහන සහ යතුරු පැදි මාර්ගය අයිනට ගෙන නවතා තැබීමට යාමේදී ඔවුන් නොදැනීම මෙම කාණුවේ වලවල් වලට වැටුණු අවස්ථා ගණනාවක්ම පසුගිය කාලය මුඵල්ලේදීම දැක ගත හැකි විය.   එහිදී එම රථවාහන වලටත් යතුරු පැදි වලටත් දැඩි අලාභහානී සිදු වූ අතර අසල ව්‍යාපාරිකයින් අවස්ථා ගණනාවකදීම මීගමුව මහා නගර සභාවටත් , මාර්ග සංවර්ධන අධිකාරියටත් දැනුම් දුන් නමුත් මෙම වලවල් කාණුව තවමත් තිබූ පරරිදිමය. ඒ නිසා මෙම ස්ථානයේ වෙළද ව්‍යාපාරික මහතුන් සහ මෙම ස්ථානයෙන් යනෙන බොහෝ අය වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉතා ඉක්මනින් මෙම කාණුවේ සිදුරු කොන්කී‍්‍රට් ආවරණ යොදා වසා දමන ලෙසයි. එමෙන්ම මීගමුව නගරය පාලනය කරන මහා නගර සභාවට මෙම කාණු වලවල් කොන්කී‍්‍රට් ආවරණ යොදා වසා දැමීම ඉතා ලෙහෙසියෙන් සිදු කළ හැකි අතර ඔවුන් එසේ කිරීමට කි‍්‍රයාත්මක වන්නේ ගරු නගරාධිපතිවරයාගේ මෝටර් රථය මෙම වලකට කාණුව වැටුනූ පසුවදැයි සමහරු ප‍්‍රශ්න කරයි.
මේ පිලිබදව මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයෙන් කළ විමසීමකදී එහි කාර්මික නිලධාරීයෙකු ප‍්‍රකාශ කලේ මෙවැනි තත්වයකදී තම ආයතනය කි‍්‍රයාත්මක වන්නේ මිගමුව මහා නගර සභාව සමගින් බවයි. එහෙත් මෙතෙක් මීගමුව මහා නගර සභාවෙන් හෝ පෞද්ගලිකව හෝ මෙවැනි අන්තරාදායක තත්වයක් තම ආයතනයට මෙතෙක් කිසිවෙකුු විසින් නිසි ආකාරයට පැමිණිලි කර නොමැති බවද ඔහු සදහන් කලේය.