MH 370 මැලේසියානු ගුවන් යානාවේ අවසන් වාර්තා පිටවෙයි

0
72

flight-mh370-theory-mechanical-fault-776466

2014 වසරේදී අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 යානය පිළිබද කිසිදු තොරතුරක් හමු වී නොමැති බව ඕස්ට්‍රේලියා බලධාරීන් පවසනවා. යානය පිළිබද සෝදිසි මෙහෙයුම්වල අවසන් වාර්තාවෙයි මේ බව සදහන් වන්නේ. මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් සිටි යානාව අතුරුදන් වූයේ ඉන්දීය සාගර කලාපයේදීයි. එම අවස්ථාවේ යානය තුළ මගීන් 239 දෙනෙකු සිටි බවයි වාර්තාවුණේ. චීනය සහ මැලේසියාවද මෙම යානය සෙවීමේ මෙහෙයුමට සම්බන්ධ වූ අතර වසර දෙකහමාරක පමණ සෝදිසි මෙහෙයුම් පසුගිය ජනවාරි මාසයේදී අත්හිටුවනු ලැබුවා.

 

උපුටාගැනීම – http://www.itnnews.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here