Milk Fish වගා කිරීමේ මධ්‍යස්ථානයක්

0
797

බහු දින ධීවර යාත්‍රාවලින් මසුන් අල්ලා ගැනීම භාවිතා කරන ලෝන්ලයින් Long line පන්න ක්‍රමය සඳහා ඇම Bait Fish වශයෙන් යොදා ගන්නා චීනයෙන් ආනයනික දැල්ලන්ගේ මිල ගණන් ඉහළ යාම තමන්ට බරපතල ගැටලුවක් බව ධීවර ප්‍රජාව විසින් පෙන්වා දී ඇත.

එමනිසා ඊට විකල්පයක් වශයෙන් වේක්කයා Milk Fish නැමැති මත්ස්‍ය විශේෂය වගා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

indexමේ වනවිට චීනයෙන්  ආනයනික එම දැල්ලන්ගේ මිල කිලෝග්‍රෑම් එකක් ඩොලර් 03-05 දක්වා ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. මේ පිළිබඳව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ධීවර ප්‍රජාව සමඟ සාකච්ඡා කළ අතර ඒ අනුව වේක්කයා නැමැති මත්ස්‍ය විශේෂය මත්ස්‍ය ඇම වශයෙන් යොදාගැනීමට පහසු බව ධීවර ප්‍රජාව පෙන්වා දෙයි.

ඒ යටතේ  වේක්කයා මත්ස්‍ය වගා මධ්‍යස්ථානයක් බංගදෙනිය ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය NAQDA  විසින් ඒ සඳහා පළමු අදියර යටතේ වැය කෙරෙන මුදල රුපියල් මිලියන 100කි.

මෙම වගා මධ්‍යස්ථානයේ ඉඩම්, වේක්කයා මත්ස්‍ය වගාවඳහා ඉදිරිපත්වන ධීවරයින්හට ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය උදෙසා  ලබා දීමට කටයුතු යොදන බව කී අමාත්‍යවරයා මත්ස්‍ය වගාවට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන මෙන්ම තාක්ෂණික සහයෝගයත්, නිෂ්පාදන අලෙවි පහසුකම් ද සැලසීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මගින් කටයුතු යොදන බවත් අවධාරණය කළේය.

news.lk