N- joy පොල්තෙල් වෙළද පළෙන් ඉවත් කෙරේ !

0
140

‘එන්-ජෝයි’ සන්නාමය යටතේ ඇති සියලුම පොල්තෙල් තොග වෙළඳපොලෙන් ඉවත් කරගැනිමට දැනුම් දි ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කර තිබේ

ඔවුන් පැවසුවේ ඊයේ (28) N joy සිදුකරන්නට යෙදුන පරික්ෂණවලද හෙළි වී ඇත්තේ නිෂ්පාදනවල පිළිකාකාරක ඇෆ්ලාටොක්සින් ඇති බවය.

කෙසේ වෙතත්, අධිකාරියේ ජේෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ එන්-ජෝයි පොල්තෙල් නිපදවා ඇත්තේ දේශීය කොප්රා භාවිතයෙන් බව යැයි ඩේලි මිරර් වෙබ් අඩවිය සිය පුවතක සඳහන් කර තිබුණි

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් අනුව වෙළඳපොලේ ඇති සියලුම පොල් තෙල් වෙළඳ නාමයන් වල විෂ ද්‍රව්‍ය තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා අධිකාරිය පරීක්ෂණ පවත්වන බව පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය පවසයි.
. ඒ අනුව N joy සන්නාමය වන පොල්තෙල් නමින් පොල්තෙල් සාම්පල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාගාරවල දී පරීක්‍ෂාවට ලක් කරන තිබේ

කාර්මික තාක්‍ෂණ ආයතනයේ සිදු කරන ලද දෙවන පරීක්ෂණයෙන් ද එම වෙළඳ නාමයේ ඇෆ්ලාටොක්සින් ඇති බව සනාථ ඇතැයි ඩේලි මිරර් පුවතේ වැඩිදුරටත් සදහන්ය.
අනාවරණය වීමෙන් පසුව, පොල් තෙල් වෙළඳපොලෙන් ඉවත් කිරීමට අධිකාරිය කටයුතු කර තිබුන අතර ග්‍රෑන්ඩ්පාස් හි N joy ගබඩාව ඊයේ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් මුද්‍රා තබන ලදී.