Night Banking වලින් ගොඩයන්න හදන සමූපාකාර උප සභාපති?

0
69
Night Deposit.

මීගමුව විවිධ සේවා සමූපාකාර සමිතියේ උප සභාපතිවරයාගේ ක්‍රියාකලාපය සහ ඔහුගේ
අධ්‍යක්ෂධූරය  පිළිබදව පැමිණිලි කීපයක් හිටපු සභාපතිවරයා සමූපාකාර කොමසාරිස්වරයාට යවා ඇති බව වාර්තා වී ඇත. එමෙන්ම සමූපාකාර සාමාජිකයින්ගෙන්ද ඔහුට යම් විවේචනයක් මේ වනවිට එල්ල වි තිබේ. මෙහි එක් චෝදනාවක් වන්නේ ඔහු  විවිධසේවා සමූපාකාර සමිතියේ අධ්‍යක්ෂකධූරය දරන අතර තුර වෙළද,  ‍ව්‍යාපාරික ආයතනයක සේවය කිරීම හා එහි නිෂ්පාදන  සමූපාකාරය හරහා අළෙවි කිරීමයි. මෙම ක්‍රියාකලාපය සමූපාකාර පනතට පටහැනි බව මෙම චෝදනා වල ප්‍රධාන සාධකයයි. මේ වනවිට  සමූපාකාර සමිතියට දිවා – රාත්‍රී සේවා බැංකුවක්  (night banking) පිහිටුවීම සදහා  යෝජනාවක් ඉදිරිපත්කර ඇති අතර මෙය ක්‍රියාත්මක කිරිමට සූදානමක් පවතින බවද සාමාජිකයෝ පවසති. මේ සදහා අවශ්‍ය කරන ඉතා මිළ අධික යන්ත්‍රය ගෙන්වීමට සූදානම් වන්නේ ද ඔහුට අයත් soft log  නමැති ආයතනය හරහා බවද සාමාජිකයන් පවසති. මේ යන්ත්‍රයේ මූලම්‍ය වටිනාකම අනුව සසදන විට සමූපාකාරයට එවැනි යන්ත්‍රයක් එතරම් අවශ්‍යතාවයක් නොමැති බවද එම නිසාම සමහර කාරක මණ්ඩල සාමාජිකයෝ මේ සදහා  විරුද්ධත්වයද පළකර ඇති බවද වාර්තා වේ.  එසේ තිබියදී වුවද මෙම රාත්‍රී බැංකු සේවා යන්ත්‍රය කෙසේ හෝ සවිකිරීමට මොහු විසින් උත්සාහා දරන්නේ තමන්ගේ පුද්ගලික ව්‍යාපාරයට ලැබෙන ලාභය නිසා බවද සාමාජිකයින්ගේ අදහසයි.
පුද්ලික ව්‍යාපාර කරන පුද්ගලයෙකුට විවිධ සේවා සමූපාකාරයක අධ්‍යක්ෂකධුරයක් හෙබවීම සමූපාකාර පනත ප්‍රකාරව තහනම් වුවත් උප සභාපතිවරයා  ඊට පටහැනි ලෙස තනතරු හෙබවන අතර සිය ධුරය  මුවාවෙන් සමූපාකාරයේ මුදල් පාවිචිචි කරමින් තම ව්‍යාපාරය තර කර ගැනිමක් සිදුකරමින් සිටින බවට මොහුට ඇති චෝදනාවයි. මෙම චෝදනා මේ වන විට ලිඛිතව සමූපාකාර කොමසාරිස්වරයා වෙත යවා ඇති වුවද තවමත් මෙම මිගමුව විවිධ සේවා සමූපාකාරයේ උප සභාපතිවරයා සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බවද සමූපාකාර සාමාජිකයෝ පවසති.