Nissan සමාගමෙන් කළුවරට දිලිසෙන Leaf කාර් එකක්

0
214

Nissan Leaf ඉලෙක්ට්‍රික් කාර් එක හැමෝම වගේ පාරේ යනවා දැකල ඇති නේ. මේ කියන්න යන්නේ තරමක් වෙනස් Leaf කාර් එකක් ගැන. ඒක කළුවරට දිලිසෙන එකක්. අපි ළඟ තියන මෝටර් රථයටත් කලුවරේදී දිලිසෙන තීන්ත වර්ගයක් ආලේප කරන්න පුළුවන්. ඒත් මේ කොළ-නිල් පැහැති වර්ණය ඊට වඩා තරමක් වෙනස්. මෙය භාවිතා කරන්නේ අධි තාක්ෂණික තීන්ත ආවරණයක්. මෙය කාබනික සංයෝගයක් වන අතරම Starpath යන නමින් හැඳින්වෙනවා. මෙය පැය 8ත් 10ත් අතර කාලයක්  දීප්තිමත්ව පවතින අතර වසර 25ක ආයු කාලයක් ඇති බවට ද සමාගම පවසයි.

glow in dark leaf 03.0

Nissan සමාගම මෙම මෝටර් රථය විශේෂයෙන්ම Starpath නිර්මාතෘ සමග එක වී නිර්මාණය කර තිබෙන එකක් නිසා අපිට නං මේ වගේ කාර් එකක් order කරලා ගන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. ඇත්තටම ඒක කියන්න කනගාටුයි. නමුත් මේවගේ විශේෂ පෙනුමක් ඇති කාර් එකක් තියනවනං ඒක සිරා කියල ඕගොල්ලොන්ට තේරෙනවනේ. මේ කාර් එක රා වෙද්දී දිලිසෙන හින්දා ඒ කියන්නේ කළුවරට දිලිසෙන හින්දා රාත්‍රියට මාර්ගයේ ගමන් ගන්න පදිකයන්ට වගේම අනිත් වාහන වලටත් පැහැදිලිව මෙම මෝටර් රථය පේනවා. ඒවගේම සමහර අයට හිතෙන්න පුළුවන් මේක විකිරනශීලි මෝටර් රථයක් වගේ. ළඟටවත් යන්න හොඳ නෑ කියල. ඒවගේම දිලිසෙන හින්ද හොරෙක්ට වුනත් හිතෙන්න පුළුවන් කාර් එකේ අලුත්ම විදියේ Security System එක වැඩ කරනවා කියල.

glow in dark leaf 01.0

මොනවා වුනත් Nissan සමාගම මේ දිලිසෙන කාර් එක ජනතාවට ලබා දීමට කටයුතු යොදනවානම් හොඳයි කියලා හැමෝම කියනවා. අපි බලමු ඉස්සරහට අපිටත් මේ කාර් එකක් බලාගන්න පුළුවන් වෙයිද කියල.

  උපුටාගැනීම – http://sira.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here